මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු පාසල් ගුරු සහායකයන්ටත් රු. 10,000ක වැටුප් වැඩි කිරීමට පියවර

    අප්‍රේල් 29, 2016

    නව රජය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු. 10,000/- කින් වැඩි කළ බවත්, එම වැටුප් වැඩිවීම ගුරු සහායකයින්ටත් ලබාදීමට ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති වතු පාසල් ගුරු සහායකයින් 455 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වතු ආශි‍්‍රත ප‍්‍රදේශවල දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු හිඟයට පිළියම් වශයෙන් වතු පාසල් ගුරු සහායකයින් බඳවා ගැනීමේ 4 වැනි වටයේ මෙම පත්වීම් ලබා දීම සිදු විය.

    මෙහි පළමු වටයේ පත්වීම් 1,88 ක්ද, 2 වන වටයේ 370 ක් ද, 3 වන වටයේ 158 ක් ද වශයෙන් දැනට ලබාදී ඇති මුළු පත්විම් සංඛ්‍යාව 2,671 ක් වේ.

    මෙහිදී ඌව පළාතේ ගුරු පුරප්පාඩු 996ක්ද,  මධ්‍යම 1084, දකුණ 67,  සබරගමුව 772, වයඹ 05 සහ බස්නාහිර 97 ක් වශයෙන් ඒ ඒ පළාත්වල පවතින්නා වූ ගුරු පුරප්පාඩු 3021 ක් සඳහා මෙම බඳවා ගැනීම් සිදු  කෙරේ.

    අධ්‍යාපන පරිපාලන සේවය සඳහා පසුගිය රජය සමයේ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකළ අතර නව රජය යටතේ පුරප්පාඩු 882 ක් සඳහා ගැසට් කර බඳවාගත් බවත්, විදුහල්පති විභාග මගින් සමත් වූ  4,076 ක් සඳහා ඉදිරියේ දී පුහුණුවීම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අක‍්‍රමවත්ව තිබූ අධ්‍යාපන ක‍්‍රමවේදය වෙනස් කරමින් ගුණාත්මක සහ ඵලදායී නිර්නායක මත පැහැදිලි වෙනස්කම් කිරිමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිව්‍යූහගත කිරීම සඳහා  රජය ගෙන යන වැඩපිළිවෙළට ලක්ෂ 42 ක් වන රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා සියලු ම දෙනාම එක්විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.  

     

    එමෙන්ම රටේ ආර්ථිකය නංවාලීම සඳහා වියදම් අඩු කර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න පියවරෙන් පියවර විසඳීමට කටයුතු කරන බවත්,  යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කිරීම, ජීඑස්පී සහනය ලබා ගැනීම ආදී රටට හිතකර සහන රැසක් ජාත්‍යන්තරය මගින් දිනා ගැනීමට වත්මන් රජය හරහා හැකිවූ බවත් ඒ මහතා පැවසීය.  මීට අමතරව දෙස් විදෙස් ආයෝජකයින්ට නව ආයෝජන අවස්ථා රැසක් නිර්මාණය කර දෙමින් පැහැදිලි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයද, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද කැපවී කි‍්‍රයා කරමින් සිටින බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධකි‍්‍රෂ්ණන් මහතා, පළාත් සභා මන්තී‍්‍ර රාජරාම් මැතිතුමා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya