අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු ජනතාවගේ මෙහෙවරට විධිමත් කතිකාවක් ගොඩනගමු Featured

    මැයි 01, 2016

    කම්කරු ජනතාව සමස්ත සමාජය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර සඳහා විධිමත් කතිකාවන් බිහිවන දවසක් බවට මැයි දිනය පත් කරගැනීම අප සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අගමැතිවරයාගේ සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

    "මැයි දින පණිවුඩය
    සමාජ ප්‍රගමනය උදෙසා තම දහදිය, ශ්‍රමය කැප කරමින් දායක වන, වැඩ කරන ජනතාවගේ දිනය  අද ය.

    කම්කරු ජනතාව සමස්ත සමාජය වෙනුවෙන් ඉටුකරන මෙහෙවරට කෘත ගුණ දක්වන, ඔවුන්ගේ ශ්‍රම දායකත්වය අගයන, එයට නිසි වටිනාකමක් ලබා දෙන, ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අවැසි ක්‍රියා මාර්ග ගැනෙන, ඒ සඳහා විධිමත් කතිකාවන් බිහිවන දවසක් බවට මැයි දිනය පත් කරගැනීම අප සැමගේ වගකීම වේ.
     
    කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති, දේශපාලන අවශ්‍යතාවලට වඩා වැඩ කරන ජනතාවගේ සේවක අයිතීන් සහ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම කම්කරු ජනතාවගේ මෙන් ම රටේ ද යහපතට හේතු වනු ඇත. ඒ සඳහා අවැසි පසුබිම සකසා දීම රජයේ ද අභිලාෂය වේ.

    කම්කරු ජනතාවගේ වැඩබිමේ අරගලය මෙන්ම ජීවන අරගලය ද ජයගන්නට මැයි දිනය නව ජවයක් ගෙනෙනු ඇතැයි අපේක්ෂා කරමි. ජය පතමි.


    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya