අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඇඳුම් වව්චර් අනන්‍යතාවය තහවුරු කිරීමට දූරකතන අංකයක්

    නොවැම්බර් 27, 2015

    පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ යම් වව්චරයක් සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට වෙළෙඳ සැල් හිමියාට අවශ්‍ය වුවහොත් ඒ සඳහා දූරකතන අංකයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ඒ අනුව 0714390000 යන දූරකතන අංකය භාවිත කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම දූරකතන අංකයට කෙටි පණිවිඩයක් වෙළෙඳ සැල් හිමියා විසින් යැවීම තුළින් නැවත එහි අනන්‍යතාය තවුරු කර කෙටි පණිවිඩයක් වෙළෙඳ සැල් හිමියාට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    වෙළෙඳ සැල් හිමියාගේ යම් සැකයක් ඇති වූ අවස්ථාවලදී පමණක් මෙවැනි කෙටි පණිවිඩ සේවාවක් ලබා ගැනීමට හැකි බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya