අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විකිරණ නීතිය කඩ කරන්නන්ට දැඩි දැඩුවම්

    නොවැම්බර් 26, 2015

    විකිරණ නීතිය සම්බන්ධයෙන් ලබන වසරේ ජනවාරි පළමු දින සිට පරමාණුක බලශක්ති අධිකාරිය මගින් නව බලපත‍්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඒ වගේම විකිරණ පනත උල්ලංඝණය කරන්නන් වෙනුවෙන් දැඩි දඩුවම් ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා පරමානුක බලශක්ති අධිකාරියේ සහ පරමාණුක බලශක්ති නියාමන කොමිසන් සභාවේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

    විකිරණ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ‍්‍රී ලංකාවාසීන් විශාල ගැටලු ගණනාවකට මුහුණදී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ පිළිබඳව අවධානය යොමු කර විකිරණවලින් සුරක්ෂිත ශ‍්‍රී ලංකාවක් සඳහා පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    මේ වනවිට රට තුළ ක‍්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි 01 දා සම්මත කරගත් විකිරණ පනත මේ වන විට ක්‍රියාත්මක වුවත් මේ වනවිටත් රට තුළ විකිරණ සම්බන්ධයෙන් පවතින්නේ අහිතකර වාතාවරණයක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ නිසා ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය, කිරිපිට ඇතුලු වෙනත් ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවට ලක් කිරිමට පියවර ගන්නා අතර ඒ තුළින් අනාගත ශ‍්‍රී ලංකාව විකිරණ වලින් තොර කලාපයක් බවට පත්කිරීමට පරමාණුක බලශක්ති අධිකාරිය සහ පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya