මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ඨාස සීමා මායිම් පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම 30දක්වා දීර්ඝ කෙරේ

    නොවැම්බර් 26, 2015

    පළාත් පාලන ආයතන වල කොට්ඨාස සීමා මායිම් පිළිබඳ මහජන පැමිණිලි භාරගැනීම මෙම මස 30වෙනිදා වනතෙක් දීර්ඝ කර ඇති බව බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. මෙම පැමිණිලි භාරගැනීම මේ මස 21 වෙනිදායින් අවසන් වීමට තිබුණි.

    පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 අධිකාරය) 3 ඈ වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යතුමා විසින් මහජන පැමිණිලි, අදහස් හා යෝජනා භාරගැනීම හා විමර්ශණය සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර  එම කමිටුව විසින් 30වෙනිදා දක්වා එම කාර්යයේ නිරත වනු ඇත.

     

    මේ සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් තමා පදිංචි ප්‍රාදේශීය සහා නගරසභාව නගර සභාව ප්‍රාදේශීය සභාවථ ප්‍රාදේශීය ලේකම් කාර්යාය, හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් එම ගැසට් නිවේදන හා මායිම් සිතියම් පරීක්ෂා කර බැනීමට පහසුකම් සලසා ඇත.

     

    පැමිණිල හා යෝජනා කොළඹ 02, යුනියන් පෙදෙස, අංක 330 , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පිහිටි කමිටු කාර්යාලයේ ලේකම් වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය හැකි ය.

     

    2015 අගෝස්තු 21 වන දින පළකරනු ලැබූ අංක 1928/26 දරන ගැසට් නිදෙනය මඟින් ජනාධිපති විසින් නව කොට්ඨාස සහ ඒවායේ මායිම් ප්‍ර‍සිද්ධියට පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya