අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහනදායී වාහන බලපත්‍ර ලබාදීම පසුගිය 21 දා සිට අවසන් Featured

    නොවැම්බර් 25, 2015

    රජය විසින් ලබා දී ඇති සියලු වාහන බලපත්‍ර ලබා දීම පසුගිය 20 දින සිදු කළ අයවැය ප්‍රකාශයෙන් පසු එනම් 2015.11.21 දින සිට ක්‍රියාත්මක වන පරිදි වහා ම නවතා දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.

    එසේම මෙතෙක් ලබාගෙන ඇති එනම් 2015.11.20 දින හෝ ඊට පෙර වාහන බලපත්‍රවලට අදාළව තවමත් වාහනයක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර නොමැති නම්, එවැනි බලපත්‍රවලට අදාළව ණයවර ලිපි විවෘත කිරීම හෝ දේශීයව එකලස් කරන ලද මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා ගිවිසුමකට එළඹීම 2015.12.31 දින දක්වා පමණක් කළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ

    එලෙසින් වාහනය ආනයනය කරලීම හෝ දේශීයව මිල දී ගැනීම, අදාළ බලපත්‍රයේ වලංගු කාලය තුළ දී සිදු කළ යුතුය.

    සහනදායී බලපත්‍ර ක්‍රමය දේශපාලනීකරණය වී ඇති අතර එය බෙහෙවින් අවභාවිත කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 40ක පමණ ආදායම් අහිමි වීමක් ද සිදු වන බව පසුගිය 20 වැනි දින අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya