අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ආබාධිත දිනය දෙසැම්බර් 3 දා සැමරේ Featured

    නොවැම්බර් 25, 2015

    රජයේ හා පොදු ස්ථාන වලට විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් පැමිණෙන ආබාධිත ප්‍රජාවට, එම කටයුතු සදහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේ දී සලසන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස් .බී දිසානායක මහතා පැවසීය .

    ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සැමරුම් දිනය දෙසැම්බර් මස 03 වන දින පෙ.ව 9.30 සිට ප.ව 1.00 දක්වා මහනුවර පොල්ගොල්ල සමුපකාර සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

    එදින පහ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ආබාධිත දරුවන් හා විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය සමත් වූ ආබාධිත දරුවන් ද , ඇගයීමට ලක් කෙරේ. නව නිර්මාණකරණයේ යෙදුනු ආබාධිත පුද්ගලයෙකු මෙන්ම ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් නව නිර්මාණයක් සිදු කළ නිර්මාණ කරුවෙකු ඇගයීම හා ආබාධිත පුද්ගලයින්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ස්වයං රැකියා උපකරණ ලබා දීමද සිදු කිරීමට නියමිතය.

    2006 දෙසැම්බර් 13 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නිකුත් කළ සම්මුතියට අනුව ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව ආබාධ සහිත පුද්ගලයින්ට ඕනෑම ගොඩනැගිල්ලකට පහසුවෙන් ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව පෙන්වා දී තිබෙන බව සඳහන් කළේය.

    ආරෝග්‍ය ශාලා , පාසල්, පොලිසිය වැනි පොදු ස්ථාන වලට ඔවුනට පහසුවෙන් ළගා වීමට මේ වන විට අපහසුව පවතින ස්ථාන වෙනුවෙන් සුවිශේෂී පහසුකම් සැලසීම සියයට සියයක්ම ඉදිරියේ දි ඉටු කිරීමට අප රජයේ අවධානය යොමු කර තිබේ.

    2011 ජන සංගණනයට අනුව අප රටේ මේ වන විට ශාරීරික හා මානසික වශයෙන් හදුනා ගත් ආබාධිත ප්‍රජාව දහසය ලක්ෂ දාහත් දහස් නවසිය විසිහතරක් බවට ( 1617924 ) හදුනාගෙන තියනවා. වසර 30 ක යුද්ධය හේතුවෙන් පීඩාවට ලක්ව ආබාධිත වූවන් ද මේ පිරිසට ඇතුළත්. ජන සංගණනයට අනුව මෙම ප්‍රමාණය 99% ක්ම නිවැරදියි.

    ආබාධිත පුද්ගලයින්ගෙ ජාතික මහ ලේකම් කාර්යාලය විවිධාකාර ලෙස සම්බන්ධ වෙලා මේ අය අතරින් 373,404 ක් පිරිස පුනරුත්ථාපනය කරමින් විශාල සේවාවක් සිදු කෙරෙන අතර ආබාධිත අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රු 3,000 ක දීමනාවක් 3,1823 දෙනෙක් වෙනුවෙන් ලබා දෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආබාධිත පුද්ගලයින්ගෙ ජාතික මහ ලේකම් කාර්යාලය අබාධිතයින් පිළිබදව සෘජු ප්‍රතිපත්තියක් සකස් කර තිබෙන අතර එය පාර්ලිමේන්තුවේ සභාගත කර ඉදිරි කාලයේදී ආබාධිත ආයතනවල වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවත් එහිදී පුහුණු වීම් , ආබාධිත උපකරණ , ආධාර ලබා දීමත්, ඔවුන් සමාජගත කිරීමේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම ඔවුන්ට රජයේ රැකියා ලබා දෙන විට ආබාධ සහිත වූ 3% ක පිරිස සඳහා අවස්ථාව සැලසීම, ඔවුන්ව රජයේ සේවයට ඇතුළත්
    කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට කටයුතු කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya