අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

    මාර්තු 25, 2014

    ලබන 29 දින පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (26) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

     

    ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කළ නොහැකියි. හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් විශේෂ කණ්ඩායමක් ද යොදවා තිබේ.

     

    මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද විමසීමට අදාළ මැතිවරණ කාර්යාල ද ලබන 27 දින මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කළ යුතු යැයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya