අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්ව තැපැල් දින සැමරුම අති උත්කර්ෂවත්ව

    ඔක්තෝබර් 09, 2015
    141 වන විශ්ව තැපැල් දිනය අද (09) ට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වූ ජාතික සැමරුම් උළෙල අද තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර යේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 
     
    මෙහිදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමගින් නව ගිවිසුමකට අත්සන් තැබීය. ඒ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත විදේශයන් හි සිට ශ්‍රී ලාංකික ජනතාව එවනු ලබන විදේශ මුදල් තැපැල් කාර්යාලය මාර්ගයෙන් ආපසු ලබාගැනීමේ නව ක්‍රමවේදයක් ඇති කිරීම වෙනුවෙනි. 
     
    එමෙන් ම මෙහිදී වෙස්ටන් යුනියන් ආයතනය, මොබිටෙල් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙන් ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් එම ආයතනයන් හි ගනුදෙනුවල කාර්ය සාධනය වෙනුවෙන් ඇගයීම් හා තිළිණ ප්‍රදානය කිරීම ද සිදු විය.
    විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තැපැල් සේවක සේවිකාවන් ඇගයීම ද මෙහිදී සිදු විය.
    විශ්ව තැපැල් දිනයට සමඟාමීව අන්තර් පාසල් මට්ටමින් පවත්වන්නට යෙදුණු විවිධ තරග ඉසව් ඔස්සේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන් වෙනුවෙන් සහතික ප්‍රදානය, තැපැල් සේවක සේවිකාවන්ගේ දරුවන් අතර පැවැති තරග අතුරින් ජයග්‍රහණය කළ දරු දැරියන් වෙනුවෙන් ද සහතික ප්‍රදානය කිරීම සිදු වූ අතර ම තැපැල් දෙපාර්තමේන්තු සේවක සේවිකාවන් අතර පැවැති ක්‍රීඩා උත්සවයෙන් ජයග්‍රහණය කළ වූවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.
     
    විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දිනයේ දී සමරනු ලබයි. 
     
    1874 දී ලොව රටවල් ගණනාවක් මෙම දින ‍පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම් සිදු විය. ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස නම් කිරීම සිදු වූයේ 1969 දීය.
     
    මෙම අවස්ථාවට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, අමාත්‍යංශ ලේකම් විමලසිරි පෙරේරා, තැපැල්පති රෝහණ අබේකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya