අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ආරක්ෂක සමුළුව - 2015’ දෙවැනි දිනය අදයි Featured

    සැප්තැම්බර් 02, 2015
    ‘ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව’ තේමා කොට ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කළ  ආරක්ෂක සමුළුව - 2015 ඊයේ (01) පෙරවරුවේ  කොළඹ ගලදාරී හෝටලේ දී විදෙස් රටවල් 40 ක වියතුන්, ආරක්ෂක ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්,  විශ්ලේෂකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, උපදේශකයන්, රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. එම සමුළුවේ දෙවැනි දිනය අද (02) ක්‍රියාත්මක වේ.
     
    මෙම සමුළුව ඊයේ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර සමුළුවේ අදහස පැහැදිලි කිරීමේ කතාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බස්නායක මහතා විසින් සිදු කරන ලදී.
     
    2011 වසරේ දී ප්‍රථම වරට ආරම්භ කෙරුණු මෙම ආරක්ෂක සමුළුව මේ දක්වා පැවැත්වීමට පාදක වූ හේතූන් සහ එහි අරමුණු යුද හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ ජයසේකර සාරාංශගතව පැහැදිලි කරනු ලැබීය.
     
    ඊයේ පැවැති සමුළුවේ ප්‍රථම දිනය ආරම්භක සැසියට අමතරව තවත් සැසි තුනකින් සමන්විත විය. මෙහිදී පළමු සැසි වාරයේ දී මුලසුන හෙබවීම උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පළිහක්කාර මහතා විසින් සිදු කළ අතර ඒ සඳහා දේශකවරු සිව් දෙනෙකු සහභාගි වූහ.
     
    දෙවැනි සැසියේ මුලසුන හෙබවීම විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය විසින් සිදු කළ අතර ඒ සඳහා ද දේශකවරු සිව් දෙනෙකු සහභාගි වූහ.
     
    තුන්වැනි සැසිය ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා විසින් සිදු කළ අතර ඒ සඳහා ද දේශකවරු සිව් දෙනෙකු සහභාගි වූහ.
     
    සෑම සැසියක් අවසානයේ ම ප්‍රශ්නෝත්තර වටයක් ද පැවැත්විණි.
     
    මෙවර සැසිය සඳහා රටවල් 66ක් නියෝජනය කරමින් නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
     
    2011 වසරේ ආරම්භ කළ මෙම සමුළුව මෙවර පස්වැනි වරට පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya