අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ආරක්ෂක සමුළුව - 2015’ අද සහ හෙට Featured

    සැප්තැම්බර් 01, 2015

    ශ්‍රී ලංකා යුද හමුදාව පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන “ආරක්ෂක සමුළුව - 2015” අද (01) සහ හෙට 02 යන දිනයන්හි කොළඹ ගලදාරී හෝටලේ දී පැවැත්වේ.



    විදේශිය නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 62 ක පිරිසක් ඇතුළු ආරාධිතයන් 350 දෙනෙක් සහභාගිවන මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා සහභාගිවීමට නියමිතය.

    ‘ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව’ යන ප්‍රධාන තේමාව යටතේ මෙවර පැවැත්වෙන වාර්ෂික ආරක්ෂක සමුළුවේ දී පහත අනු මාතෘකා යටතේ සැසිවාර නවයකින් සමන්විත වේ.

    ‘රටක ජාතික ආරක්ෂාවට බලපාන තර්ජනවල ස්වභාවය’, ‘නැගි එන ලෝක ප්‍රවණතාවය’, ‘ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාවට ඇති අභියෝග’, ‘ජාතික ආරක්ෂාවට එරෙහිව පවතින සංග්‍රාමික නොවන අභියෝග’, ආදි අනු මාතෘකා එම සැසිවාරවල අඩංගු වන අතර, සම්පත්දායකයන් වෙනුවෙන්  සැසියක් ද  පැවැත්වේ.

    මෙයට අමතරව ආරක්ෂක හා යුද විශේෂඥයන්, දේශිය හා විදේශිය පරිපාලන නිලධාරීන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් සමුළුවේ දෙවන දිනයේ දී සිය දායකත්වය ලබාදෙති.

    ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමුළුවේ මුඛ්‍ය දේශනය සහ සමාරම්භක දේශන පවත්වනු ඇත. 

    වාර්ෂික යුද හමුදා කාර්ය සමුදායේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරන “ආරක්ෂක සමුළුව” 2011 වසරේ දී රටවල් 60 ක විදේශීය නියෝජිතයන් 160 කගේ සහභාගීත්වයෙන් ප්‍රථමවරට ආරම්භ විය. පසුගිය වසරේ දී මෙම සමුළුව සඳහා රටවල් 55 කින් විදේශීය නියෝජිතයන් 148 දෙනෙකු සහභාගි වු අතර, 350 දෙනෙක් එයට සහභාගී වූහ. එම සමුළුවේ දී ‘ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවට ඇති අභියෝග’ පිළිබඳව සාකච්ඡා කළහ.

    www.defseminar.lk හෝ www.army.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ආරක්ෂක සමුළුව සජීවීව නැරඹීමට හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya