අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡායාරූප ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින් යමුනී රශ්මිකා ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි Featured

    අගෝස්තු 31, 2015

    ශ්‍රී ලාංකීය ඡායාරූප කලා ක්ෂේත්‍රයට සිදු කළ සේවය සහ ඡායාරූප ක්ෂේත්‍රයේ දක්වා ඇති විශිෂ්ටතාව අගයමින් ශ්‍රී ලංකාවේ ඡායාරූප කලාවේදියෙකුට පිරිනැමෙන ඉහළ ම ගෞරව සම්මානය වන Hon.FNPAS සම්මානයෙන්, ඡායාරූප කලාවේදිනී යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය පිදුම් ලැබුවාය.


    කොළඹ, කලාභවනේදී පසුගියදා පැවති 17 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ දී ඇය වෙත මෙම ගෞරව සම්මානය ප්‍රදානය කළාය.

    ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ අනුමැතිය පරිදි වසරකට මෙම සම්මානය ලබාදිය හැක්කේ තිදෙනෙකුට පමණි. ඒ අනුව ජාත්‍යන්තර ඡායාරූප සම්මේලනයේ අනුමැතිය මත යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය වෙත මෙම ගෞරව සම්මානය ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් පිරිනමන ලදී.

    ඡායාරූප ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාරයක් සිදු කර ඇති යමුනී රශ්මිකා ලක්බිම පුවත්පතට සම්බන්ධ වෙමින් ඡායාරූප මාධ්‍යවේදිනියක ලෙස ක්ෂේත්‍රයට අවතීරණය විය.

    වසර 2008දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඡායාරූප කලාවේදිනියට හිමි සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය.

    ප්‍රංශයේ ඡායාරූප කලා සම්මේලනයෙන් පිදුම් ලබන ඡායාරූප ශිල්පියෙකු වෙත පිරිනැමෙන ජාත්‍යන්තරයේ ඉහළ ඇගයීමක් වන ඡායාරූප කලාවේදී සම්මානය වන AFIAP (2011) සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, එම සම්මානය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ඡායාරූප ශිල්පිණිය ලෙස ඉතිහාසයට එක්වෙයි.

    ඇය ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ඡායාරූප තරගාවලියේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙමින් ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. දේශීය මෙන් ම විදේශීය ඡායාරූප තරග රැසක් නියෝජනය කර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, රටවල් තිහකට වඩා පැවති ඡායාරූප ප්‍රදර්ශන රැසක නිර්මාණ ප්‍රදර්ශනයට තේරී පත් වී තිබේ.

    ඡායාරූප කලාව පිළිබඳ ව දේශකවරියක ලෙසත් පිළිගත් ඡායාරූප විනිසුරුවරියක ලෙසත් කාර්යභාරයක් ඉටුකරන යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ මේ වනවිට සේවය කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya