අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන්ගේ අන්තර්ජාතික දිනය අද යි Featured

    අගෝස්තු 30, 2015

    අතුරුදන් වූවන් පිළිබඳ අන්තර්ජාතික දිනය අදට ( අගෝස්තු 30 ) යෙදී තිබේ.  ඥාතීන් හෝ නීතිමය නියෝජිතයින් නොදැන දුගී තත්වයන් යටතේ තැන් තැන්වල සිරගතව සිටින පුද්ගලයන්ගේ ඉරණම වෙත අවධානය යොමු කිරීමට මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

    මේ ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික රතු කුරුස කමිටුව විසින් ප්‍රියයන් අතුරුදන්වීම නිසා ශෝකයෙන් හා සන්තාපයෙන් පසුවන අය වෙනුවෙන් වෙන්වූ විශේෂ ප්‍රකාශනයක්ද නිකුත් කරමින් අතුරුදන්වූවන්ගේ ඉරණම පිළිබඳ තොරතුරු ලේඛනගත කිරීමට තවත් ප්‍රයත්න දරන්නැයි ඉල්ලා සිටියි.

     

    ජීනීවා ගැටුම් හෝ වෙනත් තත්වයන් යටතේ අතුරුදන්ව ඇති පුද්ගලයන්ට අත් වී ඇති ඉරණම සහ ඔවුන් ආගිය තැන් පිළිබඳ තොරතුරු ලේඛනගත කිරීමට සහ ඔවුන් අහිමිව සිටින පවුල්වලට සවිමත් ලෙස ආධාරදීමට ආණ්ඩු සහ සිවිල් සමාජය මීට වඩා වැඩියෙන් ක්‍රියා කළ යුතු බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ප්‍රකාශ කරයි.

     

    ජාතික රතු කුරුස කමිටුව මෙවන් පවුල්වලට විවිධ අන්දමින් ආධාර කරයි. ආර්ථික සුරක්ෂිතතා වැඩසටහන් තුළින් නව ජීවනෝපායන් සොයා ගැනීමට පවුල්වලට උදව් කිරීම, මානසික සත්කාරය, නෛතික සහ පරිපාලන උපදෙස් ලබාදීම සහ ඔවුන් ගේ අතුරුදන් ප්‍රියාදරයන් ගැන තොරතුරු සෙවීමට උත්සහ කිරීම හා ඔවුන් අනුස්මරණය කිරීමේ මාර්ග සෙවීමට ආධාර සැපයීම ද ඇතුළත් ය.

     

    මේ ඒ සම්බන්ධයෙන් රතු කුරුස කමිටුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.

     

    ICRC22

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya