අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා සමාජයේ ආකල්පවල වෙනසකට මුලපුරනවා

    මාර්තු 25, 2014

    ඇති හැකි අයගේ දරුවන් විදේශ රටවලට අධ්‍යාපනය සඳහා යොමු වී කෙටි කාලයක් තුළ පී.එච්.ඩී ගන්නා විට අනෙක් දරුවන් ජීවිතේ හදාගන්න ත්‍රීවිල් එකක් අරන් ජෑම් ගහක් යටට ගියාම හරි කියලා හිතන සමාජයක් ගොඩනැගී තිබෙන බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා සමාජයේ මෙවන් ආකල්පවල වෙනසකට මුලපුරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ වෙනස ඇති කරමින් අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයට නිපුණතාවෙන් යුතු දරු පරපුරක් බිහිකිරීම සඳහා පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස මධ්‍යස්ථානයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යනාදී අංගයන්ගෙන් සමන්විත රුපියල් ලක්ෂ 150ක වටිකමකින් යුතු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය බැගින් ලබාදෙන මහින්දෝදය පාසල් දහසක් දිවයින පුරා ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

    බප/ජය/අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දරුවන්ට දකින්නට තිබෙන්න අපි උපදිනවිට තිබුණු ලෝකය නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දරුවන්ට අපිට ලැබුණු දේට වඩා වැඩි දෙයක් ලබාදිය යුතු බව ද ප්‍රකාශකළේය.

    විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළින් නිපුණතාවෙන් යුතු පිරිසක් සමාජගත නොවීම හේතුවෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ට, මුළු මහත් සමාජයටම වෛර කරමින් මිනීමැරූ යුගයක් තිබුණු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට නිදහස් කර ගත් පසු කොළඹ තිබෙන පහසුකම් ගමේ පාසලට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන් අතර ඒ අනුව මහින්දෝදය පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නවීන තාක්ෂණයත් සමඟ අධ්‍යාපනය ගොඩනැගීමට අකමැති වීම ම අනුවණ ක්‍රියාවක් බවත් මෝඩකම් ජනසතු කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ වන විට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 888ක ඉදිකිරීම් අවසන් කර තිබේ. 2016 දෙසැම්බර් 31 වන විට කොළඹ පාසල්වල තිබෙන පහසුකම්වලට වඩා වැඩි එක් පහසුකමක් හෝ සහිතව මෙම මහින්දෝදය ද්විතීයක පාසල් දහස ප්‍රතිනිර්මාණය කිරීම අවසන් කෙරෙන බවත් විශ්වයට සම්පතක් වන දරුවෙක් දැන් ගමේ පාසලෙන් බිහි කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya