අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඡන්ද පත්‍රිකා ඉල්ලයි Featured

    අගෝස්තු 01, 2015

    2015 මහ මැතිවරණයට අදාළ ව සියලු පක්ෂ සහ අපේක්ෂකයන් විසින් නිකුත් කරනු ලබන මැතිවරණ පත්‍රිකා, ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන පත්‍රිකා, දැන්වීම්, පිංතූර හා ඡායාරූප ආදි මැතිවරණයට අදාළ සියලු ම ප්‍රකාශන එක් පිටපත බැගින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස දේශපාලන පක්ෂවලින් සහ ඡන්ද අපේක්ෂකයන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

     
    1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ 13 (1) (ඉ) වගන්තිය අනුව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයක දී පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන, පත්‍රිකා, දැන්වීම්, පිංතූර හා ඡායාරූ ආදි මැතිවරණයට අදාළ සියලු ම ප්‍රකාශනයන් ප්‍රකාශයට පත් කළ දින සිට දින 30ක් ඇතුළත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත එවීමට හෝ ගෙනවිත් භාරදීමට අපේක්ෂකයන් නෛතිකව බැඳී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya