අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට අද සිට නව එන්නතක් Featured

    ජූලි 04, 2015
    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට අද සිට (04) නව එන්නතක් එක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි. 
     
    විදින අජීවි පෝලියෝ එන්නත ළදරුවන්ට ලබා දීමේ සමාරම්භක උළෙල  අද පෙරවරු 9 .00ට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී ආරම්භ වීමට නියමිතය. මෙම සමාරම්භක උත්සවයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන, යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිත Una McCauley ,  ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත Dr. Jacob Kumaresan සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය දීප්ති පෙරේරා යන මහත්ම මහත්මිහු සහභාගිවීමට නියමිතය.
     
    ඒ අනුව විදින අජීවි පෝලියෝ එන්නත Injectable Inactivated Polio Vaccine අද සිට අපේ රටේ ළදරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. මෙතෙක් මෙම එන්නත ලබා දෙන ලද්දේ මුඛ එන්නතක් Oral Vaccine වශයෙනි.
     
    ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මේ වනවිට සියයට 100කි. එය සමස්ත ආසියාවේ මෙන්ම සංවර්ධිත රටවල ලබා ඇති සාර්ථකත්වයට සමානුපාතික වේ. ජාතික ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය යටතේ ලබා දෙන එන්නත්වල සාර්ථකත්වය නිසා පසුගිය දශකය තුළ  ශ‍්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය සජීවි දරු උපත් 1000කට 09ක් දක්වා ද,   මාතෘ මරණ අනුපාතය දරු උපත් 100,000කට 31 දක්වා  පහත වැටී සංවර්ධිත රටවල මට්ටමට පැමිණ තිබේ.
     
    එමෙන්ම අපේ ජනතාවගේ සමස්ත ආයු අපේක්ෂාව ඉහළ යාමට ද ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ බලපා ඇත. ඒ යටතේ මෙරට කාන්තාවන්ගේ ආයු කාලය වසර 78 දක්වාත්, පුරුෂයන්ගේ ආයු කාලය 74 දක්වාත් ඉහළ ගොස් තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya