අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    ජූලි 02, 2015

    රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014 (2015) විභාගය ජූලි 05 වැනි දින කොළඹදී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 මැයි (2015) විභාගය ලබන 11 සහ 12 දෙදින පැවත්වෙන අතර එම විභාගය කොළඹදී පමණක් පැවැත් වේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ 'කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2' III වන ශ්‍රේණියේ තනතුරුධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගය ලබන 12 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාගය -2015 විභාගය ලබන 12 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ 'කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2' I වන ශ්‍රේණියේ තනතුරුධාරීන් සඳහා වන 3 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගය ජූලි 25 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    III ශ්‍රේණියේ රේගු නියාමකවරුන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014 (1)(2015) විභාගය ජූලි 25 වැනි දා කොළඹ දී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 (2015) ජූලි මස 25 සහ 26 දෙදින පේරාදෙනියේදී පමණක් පැවැත් වේ.

    II ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශ) - 2015 (1) විභාගය ජූලි මස 25 සහ 26 දෙදිනදී කොළඹ දී පමණක් පැවැත් වේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ 'කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2' II වන ශ්‍රේණියේ තනතුරුධාරීන් සඳහා වන 2 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගය ජූලි 26 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya