අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දියවඩන නිලමේවරයෙකු පත් කිරීම මාස තුනකට පෙර

    ජූලි 02, 2015
    මහනුවර දළදා මාලිගාවේ භාරකරු වශයෙන් නව දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කිරීමේ කටයුතු මාස තුනක් ඇතුළත එනම් ඔක්තෝම්බර් 30ට පෙර සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා පැවසීය.
     
    බෞද්ධ විහාරගම් දේවාල පනතට අනුව සියලු කටයුතු සිදු කරන බවත් ඒ මහතා පැවසීය.
     
    මහනුවර දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේවරයාගේ නිල කාලය පසුගිය දා අවසන් වූ අතර පනතට අනුව මෙන් ම මහනායක හිමිවරුන්ගේ අනුමැතිය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා මාස තුනක කාලයක් සඳහා තාවකාලිව පත් කරනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya