මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවෙන් පොදු සමා කාලයක්

    ජූලි 02, 2015
    නාවික හමුදාව හැරගිය සෙබළුන් සඳහා නීත්‍යානුකූලව නාවික හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබේ.
     
    ඒ අනුව පොදු සමා කාලය ඊයේ (01)න් ආරම්භ වූ අතර සැප්තැම්බර් 30දා දක්වා ක්‍රියාත්මක වේ.
     
    මෙම පොදු සමා කාලය තුළ නාවික හමුදා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය සෙබලුන් තම ජාතික හැඳුනුම්පත සහ නාවික හමුදා හැඳුනුම්පත රැගෙන ළඟම නාවික හමුදා කඳවුර වෙත වාර්තා කළ යුතු අතර පරිපාලනමය කටයුතු අවසානයේ ඔවුන් සේවයෙන් ඉවත් කිරීම සිදු කෙරේ.
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 210 000 මගින් ලබාගත හැකිය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya