මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දුම්වැටි විරෝධී දිනය අද යි Featured

    මැයි 31, 2015

    ලෝක දුම්වැටි විරෝධී දිනය අදට (31) යෙදී ඇත. "ඔබ දුම්කොළ සමාගම්වලරූකඩයක්ද? ඔවුන්ගේ ප්‍රචාරණයන්ට හා අනුග්‍රහවලට නොරැවටෙන්න" යන්න මෙවර දුම්වැටි විරෝධී දිනයේ තේමාව වේ.

     

    දුම්පානය කායික , මානසික මෙන්ම සමාජීය වශයෙන් ද අහිතකර බලපෑම් ඇතිකරවන්නක් වන අතරඑමගින් හෘද රෝග, පිළිකා රෝග, ස්වසන ආබාධ, වැනි රෝගාබාධයන්ට ලක්විය හැකියි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව දුම්පානය හේතුවෙන් සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ එක් පුද්ගලයෙකු මිය යයි.දුම්පානය නිසා වසරකට ලොව මිලියන 6ක් පමණ මරණයට පත්වන බවත් එයින් හය ලක්‍ෂයක් පමණ අක්‍රීය දුම්පානය නිසා මරණයට පත්වේ.

     

    එසේම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 65ක් පමණ අක්‍රිය දුම්පානය හේතුවෙන් අහිතකර බලපෑම්වලට ගොදුරුව සිටියි. ජනගහනයෙන් පුරුෂයන් සියයට 21ක් හා කාන්තාවන්ගෙන් සියයට දශම අටක් දුම් ඉරීමට ඇබ්බැහිවී ඇති බවත් රෝහල් පද්ධතියේ තිබෙන ඇඳන්වලින් සියයට 20ක් දුම්ඉරීම නිසා රෝගාබාධවලට ලක්වූවන්ගෙන් පිරී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

     

    මෙම තත්වය හේතුවෙන් ලෝක දුම්වැටි විරෝධී දිනයට සමඟාමීව මැයි 30දා සිට ජුනි 06දා දක්වා දුම්වැටි නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන ඇත.

     

    ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්හෙට (ජුනි 01) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

     

    SDF

     

    smoke5smoke1smoke7

    smoke2

    smoke3

    smoke6

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya