මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට මුදල් පරිත්‍යාගයක්

    මැයි 30, 2015
    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසුරිය මහතා විසින් කරන ලද කාර්ය භාරය අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් පිරිනමන ලද සම්මානය සමග ලැබුණු  ඇමරිකානු ඩොලර් පන්දහසක මුදල දැනට වසර 05කට පෙර අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත පරිත්‍යාග කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 29) පස්වරුවේ කොළඹ නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත භාරදීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පිළිගැන්වීය.
     
    ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්න, ආචාර්ය දීපිකා උඩගම යන මහත් මහත්මීන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ නියෝජිතයන් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.
     
    ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya