අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී, වාර්තා නොවන හා අවිධිමත් ධීවර කටයුතු මැඬලීම සඳහා වැඩමුළුවක් කොළඹදී

    මැයි 30, 2015

    a  fishing vesselනීති විරෝධී, වාර්තා නොවන හා අවිධිමත් ධීවර කටයුතු මැඬලීම සඳහා වන වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධයෙන් 2009 ආහාර හා කෘෂිකර්ම සංවිධාන (FAO) ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩමුළුව ජූනි 01 සිට 05 දින දක්වා කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මේ වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වනු ඇත.

    ඉමේ ගිවිසුම ක්‍රියාවට නැංවීමේ මූලික පියවරක් වශයෙන්, හැකියාවන් නංවාලීමේ ගෝලීය වැඩමුළු මාලාවේ එක් කොටසක් ලෙස මෙම වැඩමුවව සංවිධානය කර ඇත. වරාය රාජ්‍ය පියවරයන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සදහා වන මූලික ප්‍රතිපත්තිමය, නෛතික, ආයතනික හා මෙහෙයුම් අවශ්‍යතා හුවා දැක්වීම සඳහා වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධ ගිවිසුමෙ හි (PSMA)විධිවිධාන පිළිබඳ ව අවබෝධය වර්ධනය කිරීම මෙම වැඩමුළුව මඟින් අපේක්ෂා කෙරේ.

     

    මෙම වැඩමුළුව අවසානයේදී ඊට සහභාගී වන රටවල් විසින් වරාය රාජ්‍ය පියවරයන් ශක්තිමත් කීරීමට හා ඒ සම්බන්ධයෙන් එම රටවල් සහයෝගීව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වේ. එමඟින් සමාජීය හා ආර්ථික සංවර්ධනය මෙන්ම ආහාර සුරත්ෂිතතාව ඇති කිරීමේ දායකත්වය අපේක්ෂා කරනු ලබන අතරෙ ඒ මතඅවසාන ප්‍රතිඵලය ලෙස ධීවර සංවර්ධනය හා කළමනාකරණය වැඩිදියුණු කර ඒ හා සම්බන්ධ පරිසර පද්ධතිවලට සිදුවන හානි අඩු කිරීමට ද අපේක්ෂිතයි. ඉන්දියන් සාගරයේ උතුරු හා අපරදිග සාගර කලාපයට (යාබද මුහුද හා මුහුදු බොක්කද ඇතුළත්ව) මායිමේ ඇති රටවල් 19ක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වේ.

     

    මෙම වැඩමුළුව මඟින් අපේක්ෂිත ප්‍රථිපල වන්නේ, කලාපීය ධීවර සංවිධාන හරහා, නීති විරෝධි,වාර්තා නොවන හා අවිධිමත් (IUU)ධීවර කටයුතු මඟින් සිදුවන හානිකර බලපෑම් හා ශක්තිමත් වූ සහභාගීවන්නා වූ වරාය රාජ්‍ය පියවරයන් පවත්නා අධීක්ෂණ,පාලන හා සෝදිසි මෙහෙයුම් (MCS) මෙවලම් ඒකාබද්ධ කිරිමේ හා වැඩිදියුණු කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව සහභාගී වන්නන් දැනුවත් කිරීම.

    නීති විරෝධි,වාර්තා නොවන හා අවිධිමත්ධීවර කටයුතු හා එවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් තුරන්කිරීමේ යාන්ත්‍රණය හා සම්බන්ධ සංවිධානය වූ අපරාධ හා දූෂණ පිළිබඳ දැනුවත් බව වැඩිදියුණු කිරීම.

    FAO සංවිධානයේ වරාය රාජ්‍ය පියවර ගිවිසුමේ විධි විධාන, පවත්නා කලාපීය අන්තර් ජාතික ලේඛන, ක්‍රියාපිළිවෙත් අවශ්‍යතා, ප්‍රමිතීන් හා ක්‍රමෝපාය හා සහභාගී වන රටවල් සම්බන්ධයෙන් ඒවා අළ වන ආකාරය පිළිබඳ ව පුළුල් අවබෝධය තහවුරු කිරීම.

    වරාය රාජ්‍ය පියවරයන් හි අවශ්‍යතා අන්තර්ජාතික හා කලාපීය මට්ටමින් අදාළ වන අවම ප්‍රමිතීන් හා පවත්නා ජාතික නෛතික රාමුව ආයතනික හා වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් ඒවා කෙතරම්දුරට ක්‍රියාත්මක වන්නේ දැයි හඳුනා ගැනීම.

    නීති විරෝධි,වාර්තා නොවන හා අවිධිමත්ධීවර කටයුතු මැඩලීම ඇතුළුව, කලාපීය හා රාජ්‍ය මට්ටමින් වරාය රාජ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීම තුළින් ලබා ගත හැකි වාසි හඳුනාගැනීම, කලාපීය ධීවර සංවිධාන / ආයතන ධීවර කලමනාකරණ ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට සහතිකවීම හා අදාළ අන්තර්ජාතික කම්කරු සංවිධාන (ILO)ප්‍රඥප්තියෙහි දක්වා ඇති මානව හිමිකම් හා "ශිෂ්ට සම්පන්න වැඩ කිරීමේ"කොන්දේසිවලට අනුකූලව ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලයේ සුබසාධන පවත්වා ගැනීම.

    කලාපයේ ඇති රාජ්‍ය මඟින් වරාය රාජ්‍ය පියවරයන් සම්බන්ධ ගිවිසුම(PSMA) ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිලාභ හා ඒ සඳහා වැයවන වියදම් පිළිබඳ ව දැනුම වැඩිදියුණු කිරිම.

    PSMA නිළ වශයෙන් පිලිගත් හා ගිවිසුම ක්‍රියාත්මක කරන රටවල් සමග එම ගිවිසුම පිලිනොගත් රටවල් වෙලදාම් කිරීමේදී සිදුවිය හැකි බලපෑම් පිළිබද දැනුවත් බව වැඩිදියුණු කිරීම.

    සංශෝධනය කරනු ලැබූ නීති, ප්‍රතිපත්ති, ක්‍රියාවලියන්/ මෙහෙයුම් කටයුතු හා හැකියාවන් ඇතුලත් කලාපීය හා ජාතික මට්ටමින් වරාය රාජ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීම සදහා වන අවශ්‍යතා හා ඒ සම්බන්ධයෙන් වන අභියෝග හදුනා ගැනීම.
    වරාය රාජ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීමේදී යහපාලනයේ කාර්යභාරය පිළිබදව අවබෝධය හදුනාගැනීම ශක්තිමත් කිරීම.
    කලාපයන් තුල වරාය රාජ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීමට අදාල මූලික විෂයන් හා PSMA ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හැකියාවන් නංවාලීමේ අවශ්‍යතාවයන් හා අවස්ථාවන් පිළිබදව හදුනාගැනීම.

    කලාපීය හා ජාතික මට්ටමින් වරාය රාජ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හා ඒවා දැනට පවත්නා අධීක්ෂණ, පාලන හා සෝදිසි මෙහෙයුම් (MCS) මෙවලම් සමග ඒකාබද්ධ කිරීමට සුදුසුවන යාන්ත්‍රණ හදුනාගැනීම.

    නෛතික ප්‍රතිපත්තිමය, මෙහෙයුම් හා පරිපාලන අවශ්‍යතා ඇතුළු කලාපීය සදහා වන ක්‍රමෝපායන් සදහා මාර්ගෝපදේශ වැඩිදියුණු කිරීමට දායකත්වය ලබා දීම.

    මෙම වැඩමුළුව FAO විශේෂඥයන් ගණනාවකගේ සහයෝගය ඇතිව පවත්වනු ලැබේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya