අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර හදිසි වැටලීම්වලින් දූරකතන 73 හා සිම් 54ක්

    අප්‍රේල් 24, 2015
    මේ වසරේ බන්ධනාගාර හදිසි සෝදිසි කිරීම්වලදී ජංගම දුරකතන 73ක් හා සිම්පත් 54ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
     
    දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල හා රිමාන්ඩ් බන්ධනාගාරවල සිරකරුවන් විසින් අයථා ලෙස භාවිතා කරන ජංගම දුරකතන හා මත්ද්‍රව්‍ය භාවිතයන් වැළක්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සියලුම බන්ධනාගාරවල හදිසි සෝදිසි වැටළීම් අඛණ්ඩව සිදු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා ඇත.
     
    එම උපදෙස් අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාල පරිච්ඡේදයේදී දිවයිනේ ප්‍රධාන බන්ධනාගාරවල සිදු කරන ලද සෝදිසි වැටලීම් වලින් ජංගම දුරකතන 73ක් හා සිම්පත් 54ක් ද සහිතව ගංජා ග්‍රෑම් 1ක් සමඟ හෙරෝයින් පැකට් 07ක් සොයාගෙන ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
     
    බන්ධනාගාර තුළ සිරඳඩුවම් විඳින රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් බන්ධනාගාර තුළට ජංගම දුරකතන, සිම්පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව පෙනී ගොස් ඇති බැවින්, එවැනි නීති විරෝධි ක්‍රියාවන් මඟින් බන්ධනාගාර සිරඳඩුවම් විඳින නේවාසිකයින්ගේ මානසික මට්ටම තවදුරටත් බිඳ වැටීමට ඉඩ ඇත.
     
    එහිදී බන්ධනාගාර රැඳවියන්ගේ මානසික මට්ටම දියුණු කිරීම සඳහා බන්ධනාගාර තුළ සිදුකරන පුනරුත්ථාපන හා මානසික සංවර්ධන වැඩසටහන්වලට හැකිතාක් යොමු කිරීමෙන් මත්ද්‍රව්‍ය හා වෙනත් ඇබ්බැහිවීම්වලින් වළකා ගත හැකි බැවින් රැඳවියන් වෙනුවෙන් එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සෑම බන්ධනාගාරයකම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ අමාත්‍යාංශය උපදෙස් දී ඇති අතර මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලද සහයෝගය ලබා ගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya