අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික් වෙළෙද සමුළුවක් කොළඹ දී Featured

    අප්‍රේල් 24, 2015

    වර්ණ ගැන් වූ මැණික් කර්මාන්තයට ප්‍රතිලාභ සපයන ලෝකයේ එක ම ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය (The International Colored Gem Stones Congress (ICA)) සිය 16වැනි ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික් වෙළෙද සමුළුව මැයි 16 සිට 19 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

     

    ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය සංවිධානය කරන වර්ණ ගැන් වූ මැණික් වෙළඳපොළ හා සම්බන්ධ මෙවැනි සම්මේලනයක් ලංකාවේ පැවැත්වෙන දෙවන වතාව මෙය වේ.

     

    මෙවර සම්මේලනයේ තේමාව වනුයේ “Sapphire & MORE” (නිල් මැණික් සහ තවත්) යන්නයි. සම්මේලනයට සමගාමීව ෆැසෙට්ස් සමුළු මැණික් ප්‍රදර්ශනය ('Facets Congress Gem Show') මැයෙන් ප්‍රදර්ශනයක් මැයි 15 සිට 18 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

     

    ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමයේ සභාපති බෙන්ජමින් හැක්මන් ඇතුළු සංගමයේ ගෝලීය සාමාජිකයන් 400 ක් පමණ මෙයට සහභාගී වීමට නියමිතය. ඒ අතර ලෝකය පුරා වෙසෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, මැණික් හා ආභරණ විද්වතුන්, වෘත්තිකයන්, නිෂ්පාදකයන්, වෙළඳපොළ නියුතුවූවන් හා සැපයුම්කරුවන් වෙති.

     

    මෙම සමුළුව හරහා නව වෙළඳපොළ ජාලයක් නිර්මාණය කරගැනීමටත් නව ව්‍යාපාර අවස්ථා උදා කරගැනීමටත් හැකියාව ලැබේ. දේශීය මැණික් හා ආභරණ වෙළඳාමට වාසිදායක තත්වයක් උදාකිරීමට මෙම සම්මේලනය රුකුලක් වනු නොඅනුමානය.

     

    ශ්‍රී ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සහයෝගයෙන් (SLGJA) ජාත්‍යන්තර වර්ණ ගැන් වූ මැණික් ගල් සංගමය විසින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක් ව ම සමුළුව සැලසුම් කරනු ලබයි.

     

    වර්ණ ගැන් වූ මැණික් සඳහා පවත්නා ජාත්‍යන්තර වෙළඳපොළේ 75%ක පමණ මිලදී ගැනීම් බලය හිමි කරගෙන සිටින ICA ලාභ නොඋපදවන ආයතනයක් වන අතර රටවල් 42ක සාමාජිකයින් 500කගේ නියෝජනයෙන් නිර්මාණය වූ ජාලයකි.


    මැණික් ගල් ප්‍රවර්ධනයේ සිට නිෂ්පාදනය දක්වා වූ විවිධ කරුණු පෙළ ගැස්වීම් මත ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික් ගල් සංගමය විසින් නිරතුරු ව මෙවන් සමුළු සංවිධානය කරනු ලැබේ. වර්ණ ගැන් වූ මැණික් ගල් වෙළඳාමේ විවිධ පුරුක් එකට සම්බන්ධ කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වේ.

     

    මෙම සමුළුවට සමඟාමීව ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික් ගල් සංගමයේ සාමාජිකයන් හා සාමාජිකයන් නොවන පිරිසටත් සහභාගි වීම සඳහා ක්‍රිකට්, ටෙනිස් සහ ගොල්ෆ් යන ක්‍රීඩා ඉසව් තුන විවෘත තරග ලෙස පැවැත්වේ. මීට අමතරව සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya