අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියට ඉහළින් කිසිවෙකු නෑ

    අප්‍රේල් 23, 2015

    - නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න

    රටේ සෑම පුරවැසියෙකුම නීතියට යටත් විය යුතු බවත් නීතියට ඉහළින් යාමට කිසිවෙකුටත් නොහැකි බවත් මහාමාර්ග,උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්ඩංගුවට ගෙන ඇති බවත් මේවන විටත් එහි විමර්ශන ස්වාධීනව කරගෙන යන බවත් එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය. නීතිය ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීමට නිර්භීතකමක් බැසිල් රාජපක්ෂ මහතාට තිබුණත් විදුලි පුටුවට වුවත් යන්නට හැකියැයි උදම් පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කටඋත්තරයක් දීමට අල්ලස් හා දූෂණ කොමිසම වෙත ගොස්  නීතිය ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීමට නොහැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    කිසිදු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාද හෝ ආරක්ෂාව සැපයීමට නොහැකි බවත් පසුගියදා පාර්ලිමේන්තුවේ දී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවක නිරත වීමේ අරමුණ 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකුල් හෙලීම බවත් ඔහු සඳහන් කළේය.

     

    චෝදනා ලැබූ බොහෝ පිරිසක් දැන් පවසනුයේ ජනතා අධිකරණයකට යොමු වියයුතු බවත් ජනතා අධිකරණය යනු ජනමත විචාරණය සඳහා මැතිවරණයක් පැවැත්වීම බවත් ප්‍රකාශ කළ ඒ මහතා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළත් නීතිය ඉදිරියේ ඒ පුද්ගලයා නීතියෙන් චෝදනා ලැබූ අයෙකු බවත් අධිකරණයට ගොස් තීන්දුවක් ලැබිය යුතුම බවත් තවදුරටත් ඔහු කීවේය.

     

    හිටපු ජනාධිපතිවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය, 2010 වසරේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඇතුළු ඉතිහාසයේ මුල්පුටු හෙබවූ බොහෝ පිරිසක් නීතියට හිස නමා අධිකරණයට ගිය බවත් එය අදද එලෙසම සිදුවිය යුතු බවත් කිසිම පුරවැසියෙකුට නීතිය ඉදිරියේ විශේෂත්වයක් නොමැති බවත් ඔහු පවසා සිටියේය.

     

    මෙම ප්‍රශ්න කිරීම්, විමර්ශනයන් දේශපාලන පලිගැනීමක් මත සිදු නොවන බවත් මෙය නීතියේ ක්‍රියාදාමය අනුව ස්වාධීනව සිදු කෙරෙන බවත් එය එසේ සිදු කළ නිසා චෝදනාකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙතරම් කාලයක් ගත වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya