අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සිව්දින චීන නිල සංචාරය අරඹයි Featured

    මාර්තු 25, 2015

    චීන මහජන සමූහාණ්ඩුවේ විශේෂ ආරාධනාවක් අනුව චීනයේ සිව් දින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (25) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

     

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 868 සාමාන්‍ය ගුවන් යානයෙන් අද දහවල් 1.20 ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.

     

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රවී කරුණානායක, රවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya