අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාවේ දේශපාල පළිගැනීම්වලට ලක්වුවන්ගේ පැමිණිලි විමර්ශනයට විශේෂ කමිටුවක් Featured

    මාර්තු 25, 2015
    2010 වසරේ සිට සන්නද්ධ හමුදා තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ චෝදනාවන් පරීක්ෂා කිරීම පිළිබඳ ව සහ සහන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය මත ජනාධිපතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත. ඒ අනුව දේශපාලනික වශයෙන් පලිගැනීමට ලක් වූ අයවලුන් හට මෙම කමිටුව වෙත සිය අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
     
    මෙම කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අදහස් කරන (2010 සිට විශ්‍රාම ලැබුවන් ද ඇතුළුව) සන්නද්ධ හමුදාවල සාමාජිකයන් තම අභියාචනයන්, ලිඛිත සාක්ෂි සහිත ව ලියාපදිංචි තැපැල් මගින් අප්‍රියල් 10දා දක්වා www.defence.lk වෙබ් අඩවියෙන් බාගත කරගන්නා ලද ආකෘතියට අනුව සකස්කර ඉදිරිපත් කළ යුතුය. 
     
    දැනට සේවයේ යෙදී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයන් සිය අභියාචන, මෙම කමිටුවට පිටපතක් සහිත ව නිසි හමුදා පිළිවෙත් අනුව එවිය යුතුය.
     
    අභියාචනා ලේකම් /සාමාජික, 2010 වසරේ සිට සන්නද්ධ සේවාවන්හි දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන් පිළිබඳ ව විමර්ශන කමිටුව, ආරක්‍ෂක අමාත්‍යාංශය, අංක 15/5, බාල බාලදක්‍ෂ මාවත, කොළඹ 03 ලිපිනයට එවිය යුතුය.
     
    ඒ අනුව කමිටුව වෙතින් මෙම අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අදාළ අයවලුන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම් කරනු ඇත.
     
    මේ පිළිබඳ ව ආරක්ෂක අමාත්‍යංශය වෙතින් ප්‍රසිද්ධ කරනු  ලබන පුවත් පත් දැන්වීම අද (25) ලංකාදීප, ඩේලි නිවුස් සහ තිනකරන් යන පුවත්පත්වල පල කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya