මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නිවාස පුනස්ථාපනය සහ ඉවත් කිරීමේ දී සිදු වූ විෂමතාවයන් සෙවීමට කමිටුවක්

    මාර්තු 25, 2015
    නව රජයේ දින 100 වැඩපිළිවෙළට සමගාමීව කොළඹ නාගරික ප‍්‍රදේශය තුළ නිවාස පුනස්ථාපනය හා ඉවත් කිරීමේ කටයුතුවල සිදු වූ විෂමතාවයන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කිරීම සඳහා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 
     
    අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා කොළඹ නගරය තුළ මේ වන විට ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති ජනතාව අතට පත් කිරීමේදී ගැටලු රාශියක් පැන නැගී ඇත. ඒ අනුව ස්ථිර පදිංචි කරුවන්ව එම ප‍්‍රදේශවලින් ඉවත් කිරීම හා ඔවුන්ට නව නිවාස ලබාදීමේදී විශාල අසාධාරණයන් සිදුව තිබෙන බව වාර්තා වේ. මේ අනුව අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන කි‍්‍රයාවලියේ දී ජනතාව පීඩාවට පත් නොවන අයුරින් ජනතාවගේ අදහස් මත කි‍්‍රයාත්මක කරන සංවර්ධන වැඩසටහන් බවට පත් කර ඇත. 
     
    ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සහ එතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ,  නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ (නාගරික සංවර්ධන) මූලිකත්වයෙන් යුත් මෙම විශේෂ කමිටුව නාගරික සංවර්ධන අධිකාරියේ සහ කොළඹ මහ නගර සභාවේ නියෝජිතයන් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයෙකුගෙන් සමන්විතය. 
     
    මෙම කමිටුව වෙත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නැවත පදිංචි කිරීමේදී සිදු ව ඇති විෂමතාවයන් පිළිබඳ පැමිණිලි, ඉල්ලීම් සහ අභියාචනයන් අපේ‍්‍රල් 10දා ට පෙර අතිරේක ලේකම්වරයාගේ (නාගරික සංවර්ධන), නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය, 03වන මහළ, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට තැපැල් මගින් හෝ පැමිණ භාරදීමට හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya