මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය රියදුරන්ගේ වර්ජනය නවතී

    මාර්තු 27, 2017

    වෘත්තීය ඉල්ලීම් පදනම් කර ගනිමින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය රියදුරන්ගේ සංකේත වැඩ වර්ජනය අත්හරින බව වෘත්තීය සමිති නියෝජිතයින් විසින් ප්‍රකාශ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වැටුප් විෂමතාවයන් පිළිබඳව විසඳුමක් ලබාදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනියරින් සංගමය ඇතුලු අනෙකුත් වෘත්තීය සමිති විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත  කැබිනට් සංදේශයක් සකසා එය ඉදිරිපත් කොට ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබාගෙන පසුගිය 21 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එයට අනුමැතිය ලබාදුන් බවත්, ඒ අනුව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් විමසා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරන ලෙසට කැබිනට් මණ්ඩලය නියෝග කර ඇති බව අමාත්‍යවරයා විසින් අද (27) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව මෙම වර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සංගම් තීරණය කර තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම සාකච්ඡාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන්ද, දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් හා ලොකෝමෝටිව් ඉංජිනියරින් සංගමයේ නියෝජිත පිරිසක්ද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya