අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයින්ට ටැබ් පරිගණක ලබාදීමට යයි

    මාර්තු 27, 2017

    ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටින ධීවරයින්ට ඒ පිළිබඳ සටහන් තබා ගැනීම සඳහා පහසුකම් සැලසීම පිණිස E Log Book ටැබ් පරිගණක ලබා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මේ සඳහා රජය විසින් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 149 කි.  එයින්  ධීවරයින් 1490කට මෙම ටැබ් පරිගණක ලබාදෙනු ඇත.  දැනටමත් මෙම උපකරණ ඇණවුම් ‍කර තිබෙන අතර ඒවා ඉදිරි මාස 3 තුළ ධීවරයින්ට ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    රළු පාවිච්චියට හා ජලයට ඔරොත්තු දෙන පරිදි නිපදවා ඇති මෙම ටැබ් පරිගණක ධීවර යාත්‍රා නියාමන පහසුකම් අඩංගු මෘදුකාංග වලින් ද සමන්විත වේ.  ජාත්‍යන්තර මුහුදේ දී සිදු කෙරෙන නීතී විරෝධී කටයුතු වැලැක්වීම මෙම ටැබ් පරිගණක ලබා දීමේ අරමුණ බව ද ඇමතිවරයා කීය.


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya