අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ ඩෙංගු පාලනය වෙයි

    මාර්තු 27, 2017

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 ක් තුළ පැතිර යන ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය වීමක් දක්නට ලැබෙන බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කර ඇති මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාමත්මක කිරීමෙන් ඉදිරි සති දෙක තුළ පැවැති තත්ත්වය අවම කර ගත හැකි බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ලදාහරන් මහතා ප්‍රකාශ කරයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෘජු අධික්ෂණය යටතේ මදුරු මර්දන වැඩසටහන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආරම්භ කළ අතර, පසුගිය 22 සිට මදුරු මර්දන සතියක් ද ක්‍රියාත්මකයි.

    ගත වූ කාලය තුළ මෙම කොට්ඨාස 07 න් රෝගීන් 2923 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 15 කි.  ත්‍රිකුණාමලය,  මූතූර්, කින්නියා, ගෝමරන්කඩවල, උප්පුවෙිලි, කුචිචවෙිලි සහ කුරුන්චල්කනි යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 තුළ ඩෙංගු රෝගීන් පසුගිය කාලයේ දී වාර්තා විය. නමුත් පසුගිය දෙදින තුළ ත්‍රිකුණාමලය මහ රෝහල කින්නියා මුලික රෝහල සහ මූතූර් දිසා රෝහලට ඇතුළත්ව ඇති රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත.

    ත්‍රිකුණාමලය මහනගර සභා බල සීමාව තුළ සැම දිනකම නිවාස 650 - 1000 ත් අතර ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරන අතර, ධූමායන කටයුතු සිදු කිරීම ද අඛණ්ඩව සිදු කරනු ලබයි.

     කින්නියා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලප්‍රදේශය තුළ සෑම දිනකම නිවාස 700 - 1000 අතර පරීක්ෂාවට ලක් කරන අතර, ළිං පරික්ෂා කිරීම ද සිදු කරනු ලබයි. දිනකට ළිං 220 ක් පමණ පරීක්ෂාවට ලක් කරන අතර එම සැම ළිඳකටම මදුරු කීට විනාශකාරක යොදනු ලබයි.  කින්නියා ප්‍රදේශයේ සෑම දිනකම නිවාස 120 කට වඩා වැඩි සංඛ්‍යාවකට ධූමායන කටයුතු සිදු කරනු ලබන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ධූමායන කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් ද කඳවා ඇත.

    කින්නියා ප්‍රදේශයේ ළිං සහ නළ ළිං අශ්‍රීතව මදුරු කීටයින් බෝවීම දක්නට ලැබෙන බව කීට විද්‍යා සමික්ෂණවලින් අනාවරණය වී ඇත. එම ප්‍රදේශයේ ලිං 4000 ක් පමණ ඇති බව ඇස්තමෙින්තු කර ඇති අතර, එම සෑම ලිඳක්ම පවිත්‍ර කිරීමෙන් පසු දැල් යොදා වසා දැමීමට තීරණය කර තිබේ. කින්නියා ප්‍රදේශයේ ධූමායන කටයුතු විධිමත් කිරීම සහ නිවාස අඛණ්ඩව පරීක්ෂා කිරීම් සහ පවිත්‍රව තබා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සදහා ආගමික නායකයින් සමඟ ද සාකචිඡා කර පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය වෛද්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සදහා ජනතාවගේ සහයෝගය ප්‍රමාණවත් අයුරින් ලැබීය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

    ජාතික තරුණ සේවා සභාව විසින් ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත යොවුන් පුරය වැඩසටහන පැවැත්වෙන ක්‍රීඩාංගණය අවට ධූමායන කටයුතු සිදු කිරීම ද අඛණ්ඩව සිදු කරනු ලබයි. කීටවිද්‍යා සමීක්ෂණ වාර්තා ලබාගැනීමෙන් පසු  එම ප්‍රදේශ පරික්ෂා කිරීම සහ ධූමායන කටයුතු සිදු කරන අතර, ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් විසින් වෙළෙදසැල් පරික්ෂා කිරීම ද සිදු කරයි.
     
    මදුරු මර්දන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය සේවකයින් 200 කට ආසන්න කණ්ඩායම් දෛනිකව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිවාස පරික්ෂා කිරීම් සහ ධූමායන කටයුතු සිදු කරයි. බස්නාහිර පළාතේ මදුරු මර්දන

    වැඩසටහන් සඳහා බඳවා ගත් සේවකයින් 500 න් 100 ක් හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අනුයුක්ත කර ඇත.

    කින්නියා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.එම්.එම් අජත් මහතා ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබනු සහයෝගය මත මදුරු මර්දන කටයුතු විධිමත්ව සිදු  කිරිමට හැකියාව ලැබී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා කින්නියා ප්‍රදේශයට පැමිණ මදුරු මර්දන කටයුතු විධිමත්ව සිදු කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබූ බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

    කින්නියා මුලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ.එචි.සමීන් මහතා ප්‍රකාශ කළේ මිට සති දෙකකට පමණ පෙර රෝහලට පැමිණි ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙි වනවිට අඩු වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත රුපියල් මිලියන 20 ක වියදමින් ඩෙංගු අධිසත්කාර ඒකකයක් කින්නියා මුලික රෝහලේ ඉදිකිරිම ද ඉතා වැදගත් බව ඒ මහතා සදහන් කරයි. රෝහලට අවශ්‍ය අතිරේක වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම හේතුවෙන් ඩෙංගු මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ලැබුන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සදහන් කරයි. කින්නියා මුලික රෝහලට යාබදව පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණයක් ද භාවිත කරමින් ඖෂධ නිකුත් කිරිම සහ ඖෂධ ගබඩා කර ගැනීම සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya