අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ අපනයනකරුවන් 2,000ක් බල ගන්වයි

    මාර්තු 27, 2017

    උතුරු පළාතේ ලංකා කාර්මික මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන කුඩා කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදනයන් අපනයන තත්ත්වයට පත් කරලීමේ  අරමුණින් කුඩා කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් පසුගියදා උතුරු පළාත් දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    වියළි ආහාර,මත්ස්‍ය නිෂ්පාදන,අයි ස්ක්‍රීම්, බෝතල් කළ ආහාර,පොල් කටු නිෂ්පාදන,අත්කම් භාණ්ඩ වර්ග,එළවලු වර්ග,පලතුරු වර්ග වැනි බොහෝ දේ ප්‍රදර්ශන කුටි අතර දැක ගැනීමට හැකි විය.

    විශේෂයෙන්ම අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා මුල්‍ය සහනාධාර ලබා දෙන සියලුම වාණිජ බැංකු සහභාගිත්වයෙන් අපනයන කර්මාන්ත ප්‍රමිතිය හා වෙළදාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද පැවැත්විණි.

    උතුරු පළාතේ අපනයනකරුවන් 2,000ක් පමණ බලගැන්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

    මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ, ව්‍යවසාය සංවර්ධන හා ජ්‍යාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජ්‍යාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්ධිරන් යන මහත්ම මහත්මීන්ද, රාජ්‍ය නිළධාරීන් හා ව්‍යවසායකයින් රැසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya