අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ඇමතිනිය කුවේට්හි අනතුරකින් රොගී වූ සුජානිගේ සුවදුක් බලයි

    මාර්තු 27, 2017

    කුවේට් හි රැකියාවක නිරතවෙමින් සිටිය දී හදිසි අනතුරකට පත්ව රෝගී වූ නොච්චියාගම, ප‍්‍රදේශයේ පදිංචි සුජානි රාජපක්‍ෂ මහත්මිය සුවදුක් බැලීමට පසුගියදා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇය ප්‍රතිකාර ගන්නා රෝහල වෙත ගියාය.


    තම සේවා ස්ථානයෙහි ඉහළ මහලේ සිට වැටීම හේතුවෙන් ඇගේ කොඳු ඇට පෙළ බිඳීමක් සිදුවී තිබේ. කුවේට්හි අල් අදාන් රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ ඇය පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

    එහිදී ඇයගේ ප‍්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් පරිත්‍යාග කළ අමාත්‍යවරිය, ඇයගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පහසුකම් සැළසීමට කටයුතු කරන ලදි.

    මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණඩාර මහත්මිය, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුලූ පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya