මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්යබල සංග්‍රාමය අයාලේ යන වැඩක් නොවන බව විදුලිබල ඇමැති කියයි

    මාර්තු 26, 2017

    සූර්යබල සංග‍්‍රාමය කියන්නේ අයාලේ යන වැඩසටහනක් නොවන බවත් රටේ සුනිත්‍ය බලශක්තිය ජයග‍්‍රහණය කරන දිනය දක්වා රජයක් වශයෙන් මෙම වැඩසටහන පසුපසින් සිටින බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    සූර්යබල සංග‍්‍රාමය අංක එක යටතේ නිවාස දස ලක්ෂයක වහල සූර්යබලාගාර බවට පත්කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන් බවත් මෙහි දෙවැනි පියවර යටතේ සූර්ය බලාගාරයක් හිමි සාමාන්‍ය තත්ත්වයෙන් ව්‍යාපාරික පිරිසක් සූර්යබල නිෂ්පාදකයින් බවට පත් කිරීමට බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.


    ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පසුගියදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ සංවිධානය කර තිබූ,  සූර්යබල සංග‍්‍රාමය යටතේ, මධ්‍ය සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, සූර්යබල නිෂ්පාදකයින් බවට පත්කිරීමේ අරමුණෙන් ඒ සඳහා උන්නදුවක් දක්වන ව්‍යාපාරික පිරිස් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ රටේ අපිට හදිසියේ මිලදී ගතහැකි මෙගාවොට් 60ක පමණ සූර්ය විදුලි ඒකක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන්න විවෘත ටෙන්ඩර් කැඳවීමක් මගින් තරගකාරීව ඉදිරිපත්වන ව්‍යාපාරිකයින්ට මෙම අවස්ථාව  ලබාදෙනවා. අපි ක‍්‍රම දෙකක් මෙමගින් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සූර්යබල නිෂ්පාදනය පිළීබඳ සුවිශේෂී වූ සත්‍ය මිල හඳුනාගැනීම. එහි අවසාන ප‍්‍රතිඵලය හිමිවන්නේ මේ රටේ ජනතාවටයි. දෙවෙනි කාරණය තමයි මේ රටේ සෑම ව්‍යාපාරිකයෙක්ම සුනිත්‍ය බලශක්ති නිෂ්පාදකයෙක් බවට පත්කිරීමට උනන්දු කරවීම යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya