මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව ප්‍ර‍ධාන පෙළේ මුල්‍ය සඟරාවකින් මුදල් ඇමැතිට සම්මානයක්

    මාර්තු 26, 2017

    ලොව ප්‍රධාන පෙළේ මුල්‍ය සඟරාවක් වන “ද බෑන්කර් ”  සඟරාව මඟින් ආසියා පැසිෆික්  කලාපයේ  2017 වසරේ හොඳම මුදල්  අමාත්‍යවරයා ලෙස නම්  කළ ශ්‍රී ලංකා මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතාට, ඊට අදාළ සම්මාන  ප්‍රදානය පසුගිය 24 දා ලන්ඩන් හි  පිහිටි  “ද බෑන්කර්”  සඟරාවේ  ප්‍රධාන මුලස්ථානයේ දී  පැවැත් විණි.

     “ද බෑන්කර්”  සඟරාවේ ප්‍රධාන කර්තෘ බ්‍රයන් කැප්ලෙන් මහතා විසින්  (Brian Caplen) මෙම සම්මානය  රවී කරුණානායක මහතා වෙත  ප්‍රදානය  කරන ලදී.

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනැමිණ. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි.
    රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya