අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කූඨ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පිරිසක් අත්අඩංගුවට

    මාර්තු 26, 2017

    කූඨ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ හා ඒ සඳහා ආධාර අනුබලදුන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍ර‍හාරක ඒකකය කටයුතු කළ බව පොලීසිය සඳහන් කරයි.

    එම ඒකකයට ලැබුණු තොරතුරක් මත මරදාන වැල්ලම්පිටය පොලිස් වසම්වලදී මෙම පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානවලට ඉදිරිපත් කර ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 43,50,58,38,36 යන වයස්වල පසුවන මට්ටක්කුලිය, දෙමටගොඩ, නාරාහේන්පිට, මල්වාන, පානදුර, කිරුලපන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.

    කූඨ ලෙස සකස් කළ රියදුරු බලපත්‍ර‍6ක්, මුද්‍ර‍ණයට සූදානම් කර තිබූ ව්‍යාජ බලපත්‍ර‍ පරිගණකයක්, ලැමිනේටින් යන්ත්‍ර‍යක්, ස්කෑනින් යන්ත්‍ර‍යක්, ප්‍රින්ටරයක් අත්අඩංගුවට ගත් දේපොළ අතර වේ.

    මෙම සකකරුවන් ඊයේ (25) මිළිගාකන්ද හා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මරදාන හා වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya