අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04 ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කරයි

    මාර්තු 25, 2017

    විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලූම රක්ෂිත වනාන්තර එකතු කොට තනි සංරක්ෂිත වනාන්තරයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ''3 අ ''වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට  ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය රුසියානු සංචාරය අතරතුර මොස්කව් නුවරදී අත්සන් තැබීය.


    මෙසේ ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක මායිම වෙනස් කිරීමක් සිදු කළ යුතු නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදුකළ හැක්කේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කර පාර්ලිමේන්තුව විසින් සම්මත කොට එසේ සම්මත ක*කඑත දැන්වීම ගැසට් පත‍්‍රයේ පළ
    කිරීමෙන් අනතුරුවය

    ඒ අනුව උක්ත වනාන්තරය සදහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇත. විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබදව ඇති වනාන්තර අනවසරයෙන් හෙළිපෙහෙළි කරනු ලබන බවට පසුගිය සමයේ විවිධ මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කෙරිණි.

    එසේ වුව ද මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී 2012/2013 වර්ෂවලදී මුදාහැර ඇති වනාන්තර ඉඩම්වලට වැඩිමනක් වශයෙන් වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව පෙනී ගොස් ඇත.

    මේ පිළිබඳාව ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2016-12- 30 වන දින පැවති රැස්වීමේදී මෙසේ මුදාහැර ඇති ඉඩම්වලට යාබදව පිහිටි වනාන්තරවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කරනු පිණිස මෙම රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.

    ජනාධිති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya