අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය හා සංහිදියාව පිළිබඳ නව අධ්‍යාපන ඒකකයක් ආරම්භ වේ

    මාර්තු 25, 2017
    ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය (ONUR ) සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සාමය හා සංහිදියාව පිලිබඳ නව අධ්‍යාපන ඒකකයක් (P.E.R.U.  ආරම්භ කර ඇත. මෙම ඒකකය තුලින් සිසු සිසුවියන් අතරේ ජාතික සමගිය හා එකමුතු බව ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් යෝජිතය .
    මේ පිලිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී මෙම ඒකකයේ අරමුණු, වැඩපිළිවෙල සහ අවශ්‍යතාවය ගැන ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූහ 

    දැනටමත් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභාවන් එකතුව පවත්වනු ලබන සහෝදර පාසල් ව්‍යාපෘතිය, ආගමික හා සංස්කෘතික විවිධත්වය සැමරීමේ වැඩසටහන්, ගුරුවරුන් සඳහා වු විශේෂ පුහුණුවීම් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ වැඩසටහන්වලට අමතරව මෙම නව ඒකකය තුලින් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සමාජ එකමුතුව පාසල් තුලින් ගොඩනැගීමට සම්බන්ධ ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට නියමිතය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya