අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික දූදරු ශිෂ්‍යත්ව වෙනුවෙන් ලක්‍ෂ 554ක්

    මාර්තු 24, 2017

    2016 වර්ෂය සඳහා විගමණික පවුල්වල දුවා දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 554ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කළ බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 909ක් සාමාන්‍ය පෙළ සමත් දරුවන් 1682 ක් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 272 දෙනෙකු වෙනුවෙන්ද මෙසේ ශිෂ්‍යත්ව පිරිනමා තිබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, කිලිනොච්චි සමුපකාර ගොඩනැගිල්ලේ පැවති උතුරු පළාත් විගමනික දූදරු ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා එක්වෙමිනි.


    මෙහිදී උතුරු පළාතේ ශිෂ්‍යත්වලාභීන් 42 කු සඳහා ශිෂ්‍යත්ව ලබා දුන් අතර මෙහිදී 5 වසර ශිෂ්‍යත්වය සමත් 17ක් සහ සාමාන්‍ය පෙළ සමත් 19ක් සහ උසස් පෙළ සමත් දරුවන් 6ක් සදහා ශිෂ්‍යත්ව ලබා දුන් අතර  ඒ වෙනුවෙන් රු 815,000 ක් වැය කරන ලදී.

    පහ වසර ශිෂ්‍යත්වය සමත් විගමණික පවුල්වල දුවා දරුවන් සඳහා රු 15,000ක් බැගින්ද  සාමාන්‍ය පෙළ සමත් දරුවන් වෙනුවෙන් රු20,000ක් බැගින්ද උසස් පෙළ සමත් දරුවන් වෙනුවෙන් රු 30,000 බැගින්ද මෙසේ ශිෂ්‍යත්ව ලබා  දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya