මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් පද්ධතිය,සාමාන්‍ය ජනතාව කිසිදු අපහසුතාවයකට භාජනය නොවන ආකාරයට නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයේ ස්ථාවරයයි

    මාර්තු 24, 2017

    පාසල් මහා ක්‍රිකට් තරගවලදී පාසල් සිසුන්ට ප්‍රීති වීමට හා විනෝද වීමට ඇති අයිතිය පිළිගන්නා මුත් පාසල් පද්ධතියට හෝ සාමාන්‍ය ජනතාවට කිසිදු අපහසුතාවයකට හා කරදර වලට භාජනය නොවන ආකාරයට නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයේ ස්ථාවරය බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    නිකුත් කළ නිවේදනය මෙසේ ය.


    නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

     

    කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක මේ දින වල පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරඟ මුල් කර ගනිමින් ඇතැම් පාසල් වල සිසුන් නීතිය කඩ කරමින් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ලැබී තිබේ.

    පසුගියදා කොළඹ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් පිරිසක් බාලිකා පාසලකට බලහත්කාරයෙන් ඇතුළ් වී අශෝභන ලෙස හා නීතිය කඩ කරමින් හැසිරුණු ආකාරය මීට ආසන්නම උදාහරණය වේ.

    සම්ප්‍රදායක් ලෙස පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගවලදී පාසල් සිසුන්ට ප්‍රීති වීමට
    හා විනෝද වීමට ඇති අයිතිය පිළිගන්නා මුත් පාසල් පද්ධතියට හෝ සාමාන්‍ය ජනතාවට කිසිදු අපහසුතාවයකට හා කරදර වලට භාජනය නොවන ආකාරයට නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයේ ස්ථාවරයයි.

    එම නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙවැනි අශෝභනකාරී හැසිරීම් වලට කිසිදු ඉඩක් නොමැති බව දන්වා සිටිමි.

    පාසල් මහා ක්‍රිකට් තරග පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව ඇති මහාමාර්ගවල සහ බාලිකා පාසල් පරිශ්‍රයන් හා ඒ අවට නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු අදාළ පාර්ශව වෙත මා විසින් උපදෙස් ලබා දී ඇත.

    එමෙන්ම මෙවැනි අශෝභනකාරී ලෙස හැසිරීමට මෙන්ම නීතිය හා සාමය කඩ කිරීමට උත්සහ ගන්නා පාර්ශව වෙත නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇත.

    ක්‍රිඩාව යනු කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත යුත්තක් නොවේ.හුදෙක් එය අන්‍යෝන්‍ය සුහදතාවය හා පුද්ගල වර්ධනය වෙනුවෙන් පවත්වන්නකි.එමෙන්ම මෙවැනි සිද්ධීන් ඇති වීම වළක්වා ගැනීමට දෙමව්පියන්,විදුහල්පතිවරු හා ගුරුභවතුන් මෙන්ම ආදි ශිෂ්‍යයන් මූලික පියවර ගත යුතු බව අවධාරණය කර සිටින්නෙමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya