අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ක්ෂය රෝග දිනය අදයි- ලෝක ජනගහනයෙන් මිලියන 10.4 ක් ක්ෂය රෝගයට ගොදූරු වෙයි

    මාර්තු 24, 2017

    "එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව ක්‍රියාවේ යෙදවෙන ලෝක ක්ෂය රෝග දිනය අදට (24) දිනට යෙදී තිබේ. ජර්මන් ජාතික විද්‍යාඥ වෛද්‍ය රොබට් කොක් විසින් 1882 මාර්තු මස 24 දින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සොයාගැනීම සමරනු වස් පසු කාලීනව මෙම දිනය ලෝක ක්ෂය රෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ලෝක ජනගහනයෙන් 3/4 කට ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදිත වී තිබෙන බව විද්‍යවරු පවසයි. බෝවන රෝග නිසා සිදූ වන මරණ සළකා බැලීමේ දී ක්ෂය රෝගය නිසා ඇතිවන මරණ දෙවැනි වන්නේ එචි.අයි.වී ඒඩිස් මගින් සිදූවන මරණ සදහා පමණි.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 10.4 ක් ක්ෂය රෝගයට ගොදූරුව ඇති බව අනාවරණය වේ. ඔවුන්ගෙන් සියයට 61 ක් අග්නිදිග අසියාතික හා බටහිර ෆැසිපික් කළාපවල ජීවත් වෙති. ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය සළකා බැලීමෙි දී පසුගිය වසරේ රෝගීන් 13,757 ක් ඇස්තමේන්තු කර තිබේ.


    ශ්‍රී ලංකා ජනගහනයෙන් ලක්ෂ 65කා පමණ  ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය වී තිබේ. 2016 වසරේ දී පමණක් ක්ෂය රෝගය යැයි හඳුනාගත් පුද්ගලයින් 8886ක් හඳුනාගෙන තිබේ.  


    ක්ෂය රෝගයෙන් ශ්‍රී ලංකාව මුදව ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටියි.ඒ අනුව රෝගීන් හඳුනාගැනීම, හා ප්‍රතිකාර සාර්ථකත්වයේ ඉලක්කයන් බොහොමයක් සපුරා ගෙන තිබේ.

    හදුනා නොගත් රෝගීන් තවමත් සිටින බැවින් ඔවුන් සොයා ප්‍රතිකාර ගෙන යාම අභියෝගයක් වී තිබේ. සැමගේ දායකත්වය තුළින් වසර 2020 වනවිට ක්ෂය රෝගය පැතිර යාම මර්දනය කිරීමට හැකිවනු ඇතැයි ක්ෂය රෝග  මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya