අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් - ශ්‍රී ලංකා එකමුතුවෙන් රණවිරු දූදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව

    මාර්තු 23, 2017

    යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ දූ දරුවන් 60 දෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම  ඊයේ (22) කොළඔ පැවැත් උත්සවයකදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා පොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.  ‍

    කුවේටයේ ශ්‍රී ලාංකකියන් විසින් පිහිටුවාගෙන තිබෙන කුවේට්- ශ්‍රී ලංකා එකමුතුව මගින් සපයන ලද මුල්‍ය ප්‍රතිපාදන වලින් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන ලද්දේ රණවිරුසේවා අධිකාරිය සහ කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සහභාගිත්වයෙනි. 

    අට වැනි වරටත් කුවේට් - ශ්‍රී ලංකා එකමුතුව මගින් සංවිධානය කරනු ලැබූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය කොළඹ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එයට එම එකමුතුවේ සංවිධායක ගාමිණී විජේරත්න සහ රණවිරුසේවා අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය දොන් ඩොනල්ඩ් කුමාරසිරි ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එහි නිලධාරීහුද ශිෂ්‍යත්වලාභී දූ දරුවන්ගේ දෙමාපියෝ ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya