අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරු වන ක්‍රමය වෙනස් කරනවා

    මාර්තු 22, 2017

    ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙන්ම ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් වන ප්‍රතිපත්ති ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ අදින් වසර 10ට විතර පෙර පටන් අරගෙන කරගන්න බැරුව පැත්තක දාපු ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ කාර්යය අද සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් තිබෙන බවයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ජාතික සමූපකාර ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේ පළාත් සමූපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි.

     

    "පළාත් අංශයත්, ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට මමත් ඔක්කොම එකතු වෙලා මේක ශක්තිමත් කරන්න අවශ්‍යයි. මේ ස්ථානයේ මහ ඇමතිවරු දෙදෙනෙක් සහ පළාත් ඇමතිවරු ඉන්නවා. මේ සියලුම දේ ඔබතුමන්ලා යටතේ තියෙන සමිති සමග සාකච්ඡා කරලා පළාත් සභාවේ ඇමතිවරු සමග යෝජනාව ඉදිරිපත් කරලා මේ දැනට සකස් කර පනත් කෙටුම්පතේ යම් අඩුපාඩුවක් තිබෙනවානම් ඒවා හදලා ඒකට අපි හැමෝම එකඟනම් ඉදිරියේ දී මේක සම්මත කරන්න අවශ්‍ය පියවර ගැනීමට මම කැමතියි". යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම සමුළුව සඳහා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, දකුණු පළාත් සමූපකාර අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා, බස්නාහිර පළාත් සමූපකාර අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා, වයඹ පළාත් සමූපකාර අමාත්‍ය ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය දුරෙයි රාජසිංහම් මහතා සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya