අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව නව ගමනක් ආරම්භ කළා - ඇමැති පාලිත රංගේ බණ්ඩාර ජාත්‍යන්තරයට කියයි

    මාර්තු 22, 2017

    විවිධ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී  ලංකාව නව ගමනක් ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    එල්ටීටීඊ ත්‍රස්තවාදී ගැටලුව නිමා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාව  නව ලෝකය සමග පෑහීමට උත්සාහ දරමින් සිටින බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වත්මන් රජයේ මූලික අභිලාශය බවත් ඔහු පෙන්වා දෙයි.


    2017 ජාත්‍යන්තර ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට සහභාගී වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමුළුවට සමගාමීව ප්‍රංශ මාධ්‍ය ආයතන කිහිපයක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයී.  

    මෙවර එම සමුළුව පැවැත්වුනේ මොරොක්කෝවේ ඩක්ලා නගරයේදීයී.  ක්‍රාන්ස් මොන්ටානා සංවිධානය 1986 වසරේදී ආරම්භ වූ අතර එහි ප්‍රමුඛ අරමුණ වන්නේ වැදගත් කාරණා කෙරෙහි අවදානය යොමු කරමින් උසස් මට්ටමේ වගකීම් දරණ සියලු පාර්ශව අතර එකගතාවන් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කිරීමයි.

    ඒ අනුව අප්‍රිකානු කළාපයේ සංවර්ධනය පිළිබඳ  මෙවර සමුළුවේ විශේෂ අවදානයක් යොමු කර තිබූ අතර විවිධ ක්ෂේත්‍රයන් යටතේ ලෝකයටම වැදගත් කරුණු මෙහිදී සාකච්ඡාවට ගැණින.

    එමෙන්ම වෘත්තීය පුහුණුව හා නිපණතා සංවර්ධනය යන විෂය පථයන් අනාගත සංවර්ධනය වෙනුවෙන් වැදගත් වන්නේ කෙසේද හා එහි ඵලදායීතාව තවත් වැඩි කර ගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු කරුණු මොනවාද යන්න පැහැදිලි කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමුළුවේදී අදහස් පළ කළේය.

    මේ අතර මාධ්‍ය ආයතන සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවලදී වැඩි වශයෙන් අවදානය යොමු කර තිබුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳයි.

    හිටපු ජනාධිපතිවරයා විසින් රජයට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද ඔවුන් කරුණු විමසූවා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියි සිටියේ හිටපු ජනාධිපතිවරයා විසින් එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

    රටේ සාමය, සංහිදියාව ඇති කර සමෘද්ධිමත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව ඉහළට එසවීම රජයේ වෑයම බවත් එම උත්සාහයන් කඩා කප්පල් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ වෑයම වී ඇති බවත් රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නා. එමෙන්ම බුද්ධිමත් ජනතාව නියම තේරීම සිදු කර ඇති බවත් ඒ අනුව රට ගොඩනැගීමේ වගකීම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයින් විසින් බාර ගෙන තිබෙන බවත් ඔහු පැහැදිලි කළා.  රජයට විරුද්ධ කණ්ඩායම් රටටද හතුරැ බලවේග බව බහුතරයක් වූ ලාංකිකයින්ගේ පිළිගැනීම වී ඇති බැවින් වත්මන් රජයේ ගමනට කිසිදු බාධාවක් නැතැයිද අමාත්‍යවරයා කියා සිටියා.


    ප්‍රංශ මාධ්‍ය විමසූ තවත් කාරණයක් වූයේ ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් ක්‍රියාවලියයි. ඒ සම්බන්ධයෙන් කරුණු පහැදිලි කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ජාත්‍යන්තරය වත්මන් රජය කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි. ඉදිරියේදී මානව හිමිකම් කඩ නොවන තත්ත්වයන් රට තුළ ඇති කිරීම වත්මන් රජයේ අභිලාශය බවත් ඒ වෙනුවෙන් තීන්දු තිරණ වලට අවතීර්ණ වීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක් වෙමින් තිබෙන බවත් ඔහු කියා සිටියා. නීති පද්ධතිය සක්‍රීය හා වඩාත් ස්වාධීන ක්‍රියාවලියක් බවට පත් කිරීම, ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම, සැමට පොදු අයිතිවාසිකම් ලබා දීමේ වැඩපිළීවෙල තවදුරටත් ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.


    ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු බේදයකින් තොරව ජීවත් විය හැකි බවත් එම අවස්ථාව ජාතී වාදී කණ්ඩායම් විසින් අවහිර කරන තත්ත්වයක් පවතින බවත් කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සිංහල අන්තවාදය මෙන්ම දෙමළ අන්තවාදයක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. මෙම අන්තවාදී කණ්ඩායම් විසින් මවාපාන කාරණා වලින් ජනතාව නොමග යන තත්ත්වයක් තුළ සියලු ගැටලු නිර්මාණය වී ඇතැයිද ඔහු කියා සිටියා. කෙසේ වෙත් ජනතාවගේ සහභාගීත්වය සහිත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන රජය කෙරෙහි ජනතාවගේ සහයෝගය දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් තුළ ජාතිවාදී කණ්ඩායම්ද ක්ෂ්‍ය වෙමින් පවතින බවත් තවත් වසර කිහිපයකින් පසුව ශ්‍රී ලංකාව වඩාත් සංවර්ධිත, සාමකාමී හා සෞභාග්‍යමත්  දේශයක් ලෙස ඉදිරියට පැමිණෙන බව අනිවාර්ය කාරණයක් යැයිද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබුණා.


    අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලිප් වෙදආරච්චි, ඒ.එච්.එම් පවුසි යන මහත්වරුන්ද මෙම සමුළුවට සහභාගී වුහ. පසුගිය 17 දා ආරම්භ වූ සමුළුව අද (22) නිමාවට පත්විමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya