අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැතිට සම්මානයක් පිරිනැමීම 24 දා මහා බ්‍රිතාන්‍යයේදී

    මාර්තු 21, 2017

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන 'ද බෑන්කර් ' සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම ලබන 24 වැනි දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ.

    ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

    ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත් එම සගරාව පෙන්වා දෙයි.


    ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සලකා බලා, ද බැන්කර් සගරාව මගින් වාර්ෂිකව සම්මාන ප්‍රදානය සිදු කරනු ලබයි. වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා, හොඳම මහ බැංකුව, හොඳ ම බැංකුව, හොඳම ආයෝජන බැංකුව, කලාපීය වශයෙන් හොඳ ම මුදල් අමාත්‍යවරුන් ඇතුළු සම්මාන රැසක් මෙහි දී පිරිනැමේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya