මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තිරසර ලංකා" ජාතික මංගල්‍යයය ලබන 31 වැනි දා සිට

    මාර්තු 21, 2017

    "තිරසර ලංකා" ජාතික මහෝත්සවය මාර්තු 31 වැනි දා සිට අප්‍රේල් 4 වැනි දා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පැවසීය.


    අමාත්‍යාංශයේ පැවති අද (21) පැවති මාධ්‍ය සාකච්ඡවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මෙම ජාතික ප්‍රදර්ශනය ලබන 31 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

    "තිරසර ලංකා" යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

    වෙනස් විය යුතු ක්ෂේත්‍ර 17ක් මුල්කර ගනිමින් දින 5 තුළ තේමාවන් 5ක් ඔස්සේ මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබේ.

    පළමු දිනය යහපත් දිවියක් තේමාවක් වන අතර නිරෝගි ජනතාවක්, ගැහැණු පිරිමි භේදයන් නැහැ, සකසුරුවම් පුරවැසියෙක් යන එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක වේ.

    දෙවැනි දින තිරසර  ජීවනෝපායක් තේමාව යටතේ දුප්පතුන් නැති ලෝකයක්, හරිත රැකියා, තිරසර කර්මාන්ත වේ.

    තෙවැනි දින සොබාදහමට ඉඩක් තේමාව යටතේ වසවිස නැති ආහාර, පිරිසිදු වතුර, දේශගුණය රැගෙන මඟක්, ජීවින්ටත් සාධාරණ ඉඩක්, වසවිස නැති මහ මුහුදක් යන මාතෘකා පදනම් කරගනිමින් පැවැත්වේ.

    සිව්වැනි දිනයේ හොඳ අත්තිවාරමක් යන තේමාව යටතේ  දැනුම්වත් සමාජයක්, හරිත බලශක්තිය, එක්ව පෙරට යන මාතෘකා යටතේ පැවැත් වේ.

    අවසන් දිනය වන පස්වන දිනයේ යහපත් සමාජයක් යටතේ සම සමාජයක්, තිරසර පුරවර, සාධාරණ සමාජයක් යන මාතෘකා මුල්කර ගනිමින් ප්‍රදර්ශයෙන් කටයුතු සිදු කෙරෙන අතර අවසන් දිනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

    මීට අමතරව මෙම ජාතික මංගල්‍යය තුළ ගැමි රඟ මඩල නමින් ජන සංස්කෘතිකාංග රැසක් එළිදැක්වෙන අතර අංගම් පොර  සංදර්ශන, කුඩා දරුවන් වෙනුවෙන් චිත්‍ර තරග ඇතුළු ඉසව්, වසවිස නැති සූප ශාස්ත්‍ර වැඩසටහන්, සෞඛ්‍ය සායන, හරිත රැකියා පොළ, හරිත ව්‍යවසායකත්ව අත්වැල, පර්යේෂණ ලිපි එළි දැක්වීම, නව නිර්මාණ ප්‍රදර්ශනය, විද්වත් කතිකා යානාදී අංග රැසකින් සමන්විත බව සෙමා ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා පැවසීය.

    මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya