අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බඳවා ගත් සහායකයින් 500 ක් විසිර යයි

    මාර්තු 20, 2017

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බඳවා ගත් ඩෙංගු මදුරු සහායකයින් 500 පුහුණූවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සදහා අනුයුක්ත කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විනි.


    මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. පළමු අදියර යටතේ බස්නාහිර පළාත සදහා පමණක් ඩෙංගු මදුරු සහායකයින් 500 ක් බඳවාගෙන ඊට අදාල පුහුණු කිරීමි කටයුතු පසුගියදා සිදු කෙරිනි. එම පුහුණුව අවසන් කළ මදුරු මර්දන සහායක නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරී සදහා යොදවන ලදි.

     

    මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  -  "ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බඳවා ගැනිම  සිදු කරන විට අමාත්‍ය මණ්ඩලයේ දී විවිධ ගැටළු ඇති වුනත්, අතිගරු ජනාධිපතිතුමා ඊට පුර්ණ සහයෝගය ලබාදුන්නා.මේ වනවිට 500  ක් බඳවාගෙන ඇති අතර, ඉතිරි 1000 ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිතයි. මෙම මදුරු මර්දන සහායකයින් 500 දෙනාගෙන් තෝරාගත් 100 ක් ත්‍රීකුණාමලය කින්නියා ප්‍රදේශයේ මදුරු මර්දන කටුයුතු සදහා ලබන සදුදා සිට යෙදවීමට තීරණය කර තිඛෙනවා. සෞඛ්‍ය සේවාව අද මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය වන්නේ එචි.අයි.වී සහ ඩෙංගු උවදුරයි. අනෙකුත් බෝවන රෝග අපි මර්දන කර තිඛෙනවා. 2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 21,000 වැඩි ප්‍රමාණයක් වාර්තා වුනා. ඉන් 8,800 ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු මදුරු මර්දනය ජාතික ව්‍යාපාරයක් ලෙස සළකා රාජ්‍ය නායකයා මෙම අවස්ථාවට එක්වීම මම අගය කරනවා. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැඩි වුනා.”

    මෙම අවස්ථාවේ දී ඩෙංගු මදුරු සහායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිනි.

    මෙම අවස්ථාවට බස්නාහිර සහ මහනගර සභා සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක හසිත තිසේරා මහතා, මිගමුව මහ රෝහලේ ජාතික ඩෙංගු මර්දන ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, වෛද්‍යවරුන් ඇතුලු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya