මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සේවකයන්ගේ වෘත්තිමය තොරතුරු ඇතුළත් කර විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතයක්

    මාර්තු 16, 2017

    රජයේ නිලධාරීන්ගේ විස්තර විද්‍යුත් දත්ත සංචිතයකට තාක්‍ෂණය සමඟ අත්වැල් බැදගත් නව පරිපාලන ව්‍යුහයක මුල් පියවරක් රජයේ සේවකයන්ගේ වෘත්තිමය තොරතුරු ඇතුළත් කර විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතයක් -

    (Electronic Human Resource Data Base) සකස් කිරීමට රජය  සැළසුම් කරයි. මෙහි පළමු පියවර ලෙස ශී‍්‍ර ලංකා ක‍්‍රමසම්පාදන සේවයේ සියළු රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු විද්‍යුත් දත්ත සංචිතයකට ඇතුළත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

    නිලධාරීන්ගේ ජීවදත්ත තොරතුරු සහ ඔවුන්ගේ අධ්‍යාපනික, වෘත්තිමය දක්‍ෂතා සහ අත්දැකීම් ආදී තොරතුරු මෙයට  ඇතුළත් වෙයි. සුදුසුකම් මූලික කරගත් රාජ්‍ය සේවා පත්වීම් සහ
    විනිවිදභාවය යන සංකල්පය මූලික කරගනිමින් කාර්යක්‍ෂම සහ ඵලදායී රාජ්‍ය සේවයක් බිහි කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

    අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අදහසක් අනුව රාජ්‍ය පරිපාලන හා  කළමනාකරණ අමාත්‍යංශය සමඟ  එක්ව ක‍්‍රියාත්මක වන මෙය පරිගණක තාක්‍ෂණය සමග අත්වැල් බැදගත් නව පරිපාලන ව්‍යුහයක මුල් පියවරක් ලෙස හදුන්වා දිය හැකිය.මෙවැනි විධිමත් දත්ත සංචිතයක් මගින් දිවයින පුරා විසිරී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ විවිධ හැකියාවන් සහ නිපුණතාවන්  පිළිබඳව තොරතුරු පහසුවෙන් හදුනාගැනීමට හැකියාව ලැබේ.

    රාජ්‍ය සේවයේ නව පත්කිරීම් සහ පැවැරුම් ආදිය සදහා ඉතාමත් සුදුසු දක්‍ෂතා සහිත පුද්ගලයා පහසුවෙන් තෝරාපත් කරගැනීමට හැකිවීම මෙහි මූලිකම ප‍්‍රතිලාභයයි. ජ්‍යේෂ්ඨත්වය මතම පමණක් පත්වීම් ලබා දීමේ ක‍්‍රමවේදය වෙනුවට ජ්‍යේෂ්ඨත්වය, දක්‍ෂතාවය සහ සුදුසුකම් මත තනතුරු සහ පත්වීම් ලබා දීමටත් ඒ සදහා අවශ්‍ය ඉහළ  සුදුසුකම් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් දිරිගැන්වීමට ද මෙමගින් බලාපොරොත්තු වේ. මෙය ප‍්‍රායෝගිකව සිදුකිරීමේ කටයුතු රාජ්‍ය පරිපාලන හා  කළමනාකරණ අමාත්‍යංශය මගින් අදාළ වෙනත් පාර්ශවයන්ගේ අදහස් හා යෝජනාදිය සමග ක‍්‍රියාත්මක කරයි.

    මෙම සංකල්පය මුල්කාලීන සිවිල් සේවය තුළ ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වී අභාවයට ගිය පරිපාලන  ප‍්‍රවේශයක් වන අතර නූතන පරිගණක යුගය. එම ක‍්‍රමය නැවත පනගැන්වීමක් ලෙස මෙය හදුනාගත හැකිය. මූලික පියවරෙන් පසුව මෙය රාජ්‍ය සේවයේ සියලූම දීප ව්‍යාප්ත සේවාවන් දක්වාම ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. ඉදිරියේ දී මෙම තොරතුරු සදහා ප‍්‍රවේශ විය හැකි වෙබ් අඩවියක් ද හදුන්වා දීමට රජය අදහස් කරයි.මෙම වැඩපිළිවෙල මගින් ජනතාවගේ තොරතුරු අයිතිය වඩාත් තහවුරු කෙරෙන අතර විධිමත්භාවය, විනිවිදභාවය සහ දක්‍ෂතාවයට ප‍්‍රමුඛත්වය ලැබීම මගින් අනාගතයේ දී වඩාත් ඵලදායී සහ කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් බිහිවීමට මෙම සංකල්පය මූලික පදනමක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya