අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් 218ක් වෙත ඉඩම් අයිතිය පිරිනැමේ

    මාර්තු 18, 2017

    ඉඩම් අයිතිය නොමැති දිළිඳු පවුල් වෙත ඉඩම් අයිතිය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පවුල් 218ක් වෙත ඉඩම් අයිතිය පිරිනැමිනි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සඳහා ඉඩම් අයිතිය පිරිනැමීම සිදු කෙරිණි.

    මේ වන විටත් ඇතැම් පිරිස් රජයේ ඉඩම්වල ජීවත් වුවත් ඔවුන් වෙත එම ඉඩම් අයිතිය නොතිබිණි. ඒ හේතුවෙන් තම දරුවන් පාසලකට ඇතුළත් කිරීමට පවා නොහැකි වී ඇති බවත් එනිසා තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළබඳව පවතින අනාරක්ෂිත බව විශාල ගැටලුවක් බවත් එම පිරිස් පැවසූ අතර මෙම ඉඩම් අයිතිය හිමිවීම තුළින් බොඳව ගිය සිහින යළි උපදින දවස ආරම්භ වූ බව එම ජනතාව පැවසීය.


    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයසිරි නානායක්කාර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් වසන්ත විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya