අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තය ගැන මාධ්‍යවේදීන්ට වැඩමුළුවක්

    මාර්තු 16, 2017

    ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව  මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ලබන 19 වෙනි දින පෙ.ව.8.30 සිට ප.ව.5.00 දක්වා කොළඔ විශ්වවිද්‍යාලීය සනාථන මන්දිරයේදි පැවැත් වේ.

    එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මෙවර තේමාව වන  “සංවර්ධනය සඳහා තිරසාර සංචාරක ව්‍යාපාරය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩමුළුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන  අධිකාරිය සහ කොළඔ විශ්වවිද්‍යාලීය ආර්ථිකවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබේ.

    ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයේ මෑත කාලීන ප්‍රවණතා හා රටාවන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම වැඩමුළුවට සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයින්, සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රධාන ආයතනවල නියෝජිතයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සම්පත් දායකයින් ලෙස සහභාගී වනු ඇත.

    මෙහිදී මාධ්‍යවේදීන් ලබා ගන්නා දැනුම ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමේදී මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

    මෙම අවස්ථාවට කොළඔ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක,     ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන යන මහත්වරු ඇතුළුව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී විමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya